Heading
දේශීය
2025-01-18 8:45 am • Views: 1716

ජනපති ඩොලර් බිලියන 10 ක චීන ආයෝජන ගෙන එයි..!

ජනපති ඩොලර් බිලියන 10 ක චීන ආයෝජන ගෙන එයි..!  

ඩොලර් බිලියන 10 ක ආයෝජන ලංකාවට රැගෙන ඒමට චීනය සූදානම් බව, අද වෙළදපොළට නිකුත්ව තිබෙන ඩේලි මිරර් පුවත්පත සිය මුල් පුවතෙන් වාර්තා කර සිටියි. 

සිව් දින නිල සංචාරයක් සදහා පසුගිය 13 වන දා චීනය බලා පිටත්ව ගිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊයේ රාත්‍රියේ යළි දිවයිනට පැමිණියේ ය. 

ජනාධිපතිවරයාගේ චීන සංචාරයේ දී ශ්‍රී ලංකා රජය චීනය සමග අවබෝධතා ගිවිසුම් 15 කට අත්සන් තැබී ය. 

සිය චීන සංචාරයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා චීන ජනාධිපතිවරයා සහ චීන අග්‍රාමාත්‍යවරයා හමු වී ද්වීපාර්ශ්ව සාකච්ඡා පැවැත්වීමට අමතරව, චීනයේ ප්‍රධාන ව්‍යාපාරිකයන් සමග වටමේස සාකච්ඡාවකටද එක් විය. 

සිනොපෙක් සමාගම, හම්බන්තොට ප්‍රදේශයේ තෙල් පිරිපහදුවක් ආරම්භ කිරීම සදහා එක්සත් ජනපද ඩොලර් බිලියන 3.7 ක ආයෝජනයක් රැගෙන එන බව දැනුම් දී තිබුණේ එම සාකච්ඡාවේ දී ය. 

ඊට අමතරව, ශ්‍රී ලංකා ජනාධිපතිවරයා සමග පැවති මෙම වටමේස සාකච්ඡාවේ දී තවත් චීන සමාගම් රැසක් ඉදිකිරීම්, මෝටර් රථ නිෂ්පාදන සහ බලශක්ති යන ක්ෂේත්‍ර සදහා ශ්‍රී ලංකාව තුළ ආයෝජන සිදු කිරීමට ඇති කැමැත්ත ප්‍රකාශ කර තිබේ. 

ඒ සියල්ල සමඟ එක්සත් ජනපද ඩොලර් බිලියන දහයක පමණ ආයෝජන රට තුළට රැගෙන ඒමට සිය චීන සංචාරයේ දී ජනාධිපතිවරයාට හැකි වී ඇති බව ඩේලි මිරර් පුවත්පත වාර්තා කරයි. 

Comments

Heading Heading
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න