Heading
දේශීය
2025-01-18 11:30 am • Views: 6823

තත්ත්පර 42 කින්සියළු දුම්රිය ප්‍රවේශපත්‍ර අලෙවි වීමේ රහස සොයා ගනී..! ඊ ටිකට් වංචාවේ මහමොළකරු අහුවෙයි.

තත්ත්පර 42 කින්සියළු දුම්රිය ප්‍රවේශපත්‍ර අලෙවි වීමේ රහස සොයා ගනී..! ඊ ටිකට් වංචාවේ මහමොළකරු අහුවෙයි. 

ඇල්ල බලා ධාවනය වන දුම්රියක ප්‍රවේශ පත්‍ර සියල්ල තත්ත්පර 42 ක් වැනි ඉතා කෙටි කාලයක් තුළ දී අලෙවි වීම පිළිබදව මතු වූ සැකය මත පදනම් වන සිදු කරන ලද විමර්ශනයෙන්,  මෙම දුම්රිය ප්‍රවේශ පත් වංචාවට සම්බන්ධ එක් ප්‍රධාන සැකකරුවකු හදුනා ගැනීමට දුම්රිය දෙපාර්තමේන්තුවට හැකි වී තිබේ. 

අදාල සැකකරු මාකුඹුර දුම්රිය ස්ථානයේ නිළධාරියෙකු බව පැවසේ. 

අදාල නිළධාරියා ඔහුගේ ඥාතියෙකුගේ නමින් ඔන්ලයින් දුම්රිය ප්‍රවේශ පත්‍ර නිකුත් කරන පෞද්ගලික ආයතනයක් ආරම්භ කර තිබෙන අතර, ඒ මගින් ඔහු සියලු දුම්රිය ප්‍රවේශ පත්‍ර වෙන්කර ගැනීම සිදු කර තිබේ. 

එසේ වෙන් කර ගනු ලබන දුම්රිය ප්‍රවේශ පත්‍ර ඔහුට සම්බන්ධ එම ආයතනය හරහා වැඩි මිලකට අලෙවි කිරීම  ඔහුගේ ජාවාරමයි. 

මේ වන විට අදාල නිළධාරියාගේ සේවය අත්හිටුවා ඇති බව වාර්තා වේ. 

මෙම වංචාව හසුකර ගැනීම සදහා කටයුතු කරන ලද්දේ ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා ය. 

Comments

Heading Heading
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න