Heading
දේශීය
2025-01-19 8:37 am • Views: 1589

ජාතික ලයිස්තුවෙන් මන්ත්‍රීධූර ලබා දෙන පවසා සජබ ප්‍රධානියෙක් ව්‍යාපාරිකයන් දෙදෙනෙක්ගෙන් කෝටි ගණනක් අරන්...!

ජාතික ලයිස්තුවෙන් මන්ත්‍රීධූර ලබා දෙන පවසා සජබ ප්‍රධානියෙක් ව්‍යාපාරිකයන් දෙදෙනෙක්ගෙන් කෝටි ගණනක් අරන්...!

ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ධූර දෙකක් ලබා දෙන බව පවසා සජබ ප්‍රධානියෙකු ව්‍යාපාරිකයන් දෙදෙනෙකුගෙන් මුදල් ලබාගෙන ඇති බව අද වෙළද පොළට නිකුත්ව තිබෙන සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කරයි. 

මෙසේ ජාතික ලයිස්තු මන්ත්‍රී ධූරයක් ලබා ගැනීම සදහා මුදල් ලබා දී ඇති එක් ව්‍යාපාරිකයෙකු වන්නේ පොළෛාන්නරුවේ පදිංචි ප්‍රධාන පෙලේ සහල් මෝල් හිමියෙකි. 

ඔහු ජාතික ලයිස්තු මන්ත්‍රී ධූරයක් ලබා ගැනීමේ අරමුණ ඇතිව ලබා දී ඇති මුදල රුපියල් මිලියන පන්සියයකි. 

අදාල ව්‍යාපාරිකයා එම මුදල ලබා දී ඇත්තේ පක්ෂයේ කටයුතු සදහා ප්‍රබලව මැදිහත් වන ආන්දෝලනාත්මක පුද්ගලයෙකු වෙතයි. 

පක්ෂ අරමුදල සදහා එවැනි මුදලක් ලැබී නැති බැවින්, මුදල් ලබා ගත් පුද්ගලයාගෙන් එම මුදල් නැවත ඉල්ලා ගන්නා ලෙස පක්ෂයේ මහලේකම් රන්ජිත් මද්දුම බණ්ඩාර අදාල ව්‍යාපාරිකයාට දැනුම් දී ඇති බව සන්ඩේ ටයිම්ස් වාර්තා කරයි. 

මීට අමතරව, ජාතික ලයිස්තු මන්ත්‍රීධූරයක් ලබා දෙන බව පවසා කලුතර ප්‍රදේශයේ ජීවත් වන තවත් ප්‍රබල ව්‍යාපාරිකයෙකුගෙන්ද අදාල පුද්ගලයා මුදල් ලබාගෙන ඇති බව පැවසේ. 

නමුත්, එම ව්‍යාපාරිකයා ඒ සදහා ලබා දුන් මුදල කොපමණක්ද යන්න සදහන් නොවේ.  

Comments

Heading Heading
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න