Heading
දේශීය
2025-01-19 9:03 am • Views: 2377

දෝශාභියෝගයක් අවශ්‍ය නෑ..අභියාචානාධිකරණයේ සභාපති විනිසුරු නිස්සංක බන්දුල කරුණාරත්න සිය ඉල්ලා අස්වීම දැනුම් දෙයි..!

දෝශාභියෝගයක් අවශ්‍ය නෑ..අභියාචානාධිකරණයේ සභාපති විනිසුරු නිස්සංක බන්දුල කරුණාරත්න සිය ඉල්ලා අස්වීම දැනුම් දෙයි..!

රජය, දෝශාභියෝගයක් මගින් ඉවත් කිරීමට සූදානමින් සිටි, අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිස්සංක බන්දුල කරුණාරත්න මහතා, සිය ඉල්ලා අස්වීම මේ වන විටත් ජනාධිපතිවරයාට දැනුම් දී ඇති බව වාර්තා වේ. 

ඒ අනුව, විනිසුරු නිස්සංක බන්දුල කරුණාරත්න මහතා නෙරපා දැමීම සදහා ගෙන ඒමට නියමිතව තිබුණු දෝශාභියෝග යෝජනාව හකුළා ගැනීමට රජය තීරණය කර තිබේ. 

පෙබරවාරි පළමුවැනිදා සිට බලපැවැත්වෙන පරිදි තමන් ඉල්ලා අස්වීමට තීරණය කළ බව විනිසුරු නිස්සංක බන්දුල කරුණාරත්න මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට දැනුම් දී තිබෙන බව පැවසේ.  


Comments

Heading Heading
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න