Heading
දේශීය
2025-01-20 2:38 am • Views: 200

ප්‍රකාශයක් දීම සදහා හෙට සී.අයි.ඩීයට එන බව මනූෂ දැනුම් දෙයි..!

ප්‍රකාශයක් දීම සදහා හෙට සී.අයි.ඩීයට එන බව මනූෂ දැනුම් දෙයි..! 

දකුණු කොරියාවට ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් පිටත් කර හැරීම සදහා අත්සන් තබන ලද ඊ එයිට් ගිවිසුම සම්බන්ධයෙන් වූ විමර්ශනයට අදාලව ප්‍රකාශයක් ලබා දීමට හිටපු කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා හෙට දිනයේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටීමට සූදානම් බව වාර්තා වේ. 

හිටපු අමාත්‍යවරයා මේ බව ඔහුගේ නීතීඥයා වන සාලිය පීරිස් මහතා හරහා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබේ. 

අදාල විමර්ශනය සම්බන්ධයෙන් තමන් අත්අඩංගුවට ගැනීම වළක්වන ලෙස ඉල්ලමින්, හිටපු අමාත්‍යවරයා මීට පෙර අපේක්ෂිත ඇප අයදුම්පතක් අධිකරණයට ඉදිරිපත් කර තිබුණි. 

කෙසේ වෙතත්, මෙකී විමර්ශනයට අදාලව මේ දක්වා පුද්ගලයන් 35 දෙනෙකුගෙන් පමණ ප්‍රකාශ සටහන් කරගෙන ඇති බව අධිකරණයට පවසා තිබෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, මෙතෙක්, මනූෂ නානායක්කාර මහතා අත්අඩංගුවට ගැනීම සදහා කරුණු අනාවරණය වීමක් සිද්ධ වී නැති බවද අධිකරණයට දැනුම් දී තිබේ.  


Comments

Heading Heading
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න