Heading
දේශීය
2025-01-20 5:57 am • Views: 846

“හිටපු ජනාධිපති මහින්දට උන්හිටි තැන් නැති කරන්න එපා..!” පොහොට්ටු පක්ෂයේ මහලේකම් රජයෙන් ඉල්ලයි.

“හිටපු ජනාධිපති මහින්දට උන්හිටි තැන් නැති කරන්න එපා..!” පොහොට්ටු පක්ෂයේ මහලේකම් රජයෙන් ඉල්ලයි. 

එතුමා පදිංචිව සිටින නිල නිවස රජයට පවරාගෙන, එතුමාට උන්හිටි තැන් අහිමි නොකරන ලෙස තමන් රජයට පවසන බව පොහොට්ටු පක්ෂයේ මහලේකම් සාගර කාරියවසම් මහතා පවසයි. 

අද පොහොට්ටු පක්ෂ මූලස්ථානයේ විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් ඔහු මේ බව පැවසී ය. 

මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා දැනට භාවිතා කරන නිල නිවසේ මාසික කුලී තක්සේකරු රුපියල් ලක්ෂ 46 ක් බව රජයේ තක්සේරුකරුවන් පවසා ඇතැයි ජනපති අනුර කුමාර දිසානායක මහතා ඊයේ දිනයේ දී හෙළිකර සිටියේ ය. 

එතරම් විශාල වටිනාකමකින් යුතු නිවසක් ඔහු වෙනුවෙන් වෙන් කිරීමට ප්‍රතිපාදන නැති බව පැවසූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, තව දුරටත් එම නිල නිවසේ රැදී සිටීමට අවශ්‍යනම්, හිටපු ජනාධිපතිරයා ඒ සදහා අදාල ගෙවීම කළ යුතු බවද අවධාරණය කළේ ය. 

අද පැවති මාධ්‍ය හමුවේ දී පොහොට්ටු පක්ෂ මහලේකම් සාගර කාරියවසම් පවසා සිටියේ, මෙය යුද්ධය දිනාදුන් නායකයාගෙන් පලි ගැනීමේ අරමුණ ඇතිව රජය කරන්නට යන වැඩක් බවයි. 

හිටපු ජනාධිපතිවරයා දැනට ජීවත් වන නිල නිවසින් එලියට ඇද දමා ඔහුට උන්හිටි තැන් අහිමි නොකරන ලෙස තමන් රජයෙන් ඉල්ලා සිටින බවද මහලේකම්වරයා වැඩිදුරටත් පැවසී ය. 

Comments

Heading Heading
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න