Heading
දේශීය
2025-01-21 8:27 am • Views: 1622

මේක ඇත්තක්..! පිළිකා රෝගීන්ට ලබා දෙන රුපියල් 76,000 /= එන්නත රුපියල් 370/= දක්වා අඩු වෙයි.

මේක ඇත්තක්..! පිළිකා රෝගීන්ට ලබා දෙන රුපියල් 76,000 /= එන්නත රුපියල් 370/= දක්වා අඩු වෙයි.

පිළිකා රෝගීන් සදහා ලබා දෙන එන්නතක මිල රුපියල් 76,000 සිට රුපියල් 370 දක්වා අඩු වූ බව පසුගිය සතියේ වාර්තා වූ අතර, බොහෝ දෙනෙකුට එම ප්‍රවෘත්තිය විශ්වාස කිරීමට පවා නොහැකි ප්‍රවෘත්තියක් වී තිබුණි. 

ඇතැම් පිරිස් ප්‍රසිද්ධියේ ම එය ව්‍යාජ පුවතක් බව සමාජ මාධ්‍යයේ වාර්තා කර තිබුණි.

ඇතැම් පිරිස් එය පිළිකාව සදහා ලබා දෙන එන්නතක් නොවන බවද පවසා තිබුණි. 

කෙසේ වෙතත් අද වෙළද පොළට නිකුත්ව තිබෙන විශ්වසනීය මුලාශ්‍රයක් වන ඩේලි මිරර් පුවත්පත මෙම ප්‍රවෘත්තියේ සත්‍යතාවය යළිත් වරක් තහවුරු කර තිබේ. 

ඒ අනුව, පිළිකා රෝගීන්ට ලබා දෙන රුපියල් 76,000 ක් වූ එන්නතක මිල මේ වන විට රුපියල් 370/= දක්වා අඩු වී තිබේ. 

ඒ අදාල එන්නත මෙරටට ගෙන්වීම සදහා එක් සමාගමකට ලැබී තිබුණු ඒකාධිකාරය අහෝසි වීමත් සමගිනි. 

මේ වන විට අදාල එන්නත ලංකාවට ගෙන්වීමේ බලය සමාගම් තුනකට ලබා දී ඇති බව වාර්තා වේ.  

Comments

Heading Heading
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න