Heading
දේශීය
2025-01-22 8:19 am • Views: 302

නාමල් කුමාරට තවත් නඩුවක්..!

නාමල් කුමාරට තවත් නඩුවක්..!

මැල්කම් රන්ජිත් කාදිනල් හිමිපාණන්ට අපහාස වන ආකාරයේ හඩ පටයක් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කිරීම සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාශය මගින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගතකර සිටින නාමල් කුමාර නමැති පුද්ගලයාට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තවත් නඩුවක් ගොනු කර තිබේ. 

ඒ, ඔහු සිය බිරිදගේ සහ මවගේ නමට ලබා ගත් දුරකථන සිම්පත් දෙකක් යොදා ගනිමින් ව්‍යාජ ෆේස්බුක් ගිණුම් දෙකක් නිර්මාණය කර, ඒ හරහා එල්ටීටීඊ සංවිධානයේ ධජ සහ පෝස්ටර් ප්‍රචාරය කරමින් ජාතීන් අතර අසමගිය ඇති කිරීමට උත්සාහ කර ඇති බවට චෝදනා කරමිනි.

ඒ අනුව, දැනට රක්ෂිත බන්ධනාගාරගතකරසිටින නාමල් ක-ුමාර නමැති පුද්ගලයා, ජනවාරි මස 23 වන දා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තජුජා ලක්මාලී මහත්මිය බන්ධනාගාර කොමසාරිස්වරයාට නියෝග කර තිබේ.  

 

Comments

Heading Heading
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න