Heading
දේශීය
2025-01-24 10:53 am • Views: 2447

ට්‍රම්ප් තනි පෑන් පාරෙන් කළ එක වෙනසක්, අධිකරණය මැදිහත් වී ආපසු හරවයි.

ට්‍රම්ප් තනි පෑන් පාරෙන් කළ එක වෙනසක්, අධිකරණය මැදිහත් වී ආපසු හරවයි. 

“ඇමරිකානු භූමිය තුළ ඉපදුණු පමණින්, ඇමරිකානු පුරවැසිභාවය හිමි නොවේ;” යනුවෙන් ඇමරිකානු ජනාධිපති ට්‍රම්ප් ගෙනා විධායක නියෝගය දින 14 ක් සදහා අත්හිටුවිමට එරට ෆෙඩරල් විනිසුරුවරයෙකු පියවර ගෙන තිබේ. 

ඒ, එම නියෝගය එක්සත් ජනපද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව තීන්දු කරමිනි. 

ට්‍රම්ප්ගේ නියෝගයට එරෙහිව අධිකරණය හමුවට ගොස් තිබුනේ, වොෂින්ටනයේ නීතිපති සහ ඩිමොක්‍රටික් පක්ෂයේ බලය තහවුරු වී තිබෙන ප්‍රාන්ත තුනක නියෝජිතයන් ය.

ට්‍රම්ප්ගේ ඉහත නියෝගය හේතුවෙන් එක්සත් ජනපද භූමිය තුළ සංක්‍රමණික දෙමව්පියන්ට දාව උපදින දරුවන්ගේ ජීවිත අදුරු වළාවකින් වැසී යන බව ට්‍රම්ප්ගේ නියෝගය අත්හිටුවන ලෙස ඉල්ලා අධිකරණය හමුවට ගිය පාර්ශ්ව වෙනුවෙන් පෙනී සිටි නීතීඥා පවසා තිබේ. 


Comments

Heading Heading
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න