Heading
දේශීය
2025-01-26 8:20 am • Views: 1505

අපරාධයට අනුබල දීම; යෝෂිතගේ මිත්තණිය වන ඩේසි ෆොරෙස්ට් ට එරෙහිවත් පියවරගත හැකියි..! නීතිපති සී.අයි.ඩීයට දන්වයි.

අපරාධයට අනුබල දීම; යෝෂිතගේ මිත්තණිය වන ඩේසි ෆොරෙස්ට් ට එරෙහිවත් පියවරගත හැකියි..! නීතිපති සී.අයි.ඩීයට දන්වයි. 

මුදල් විශුද්ධිකරණ පනත යටතේ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ දිනයේ දී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත්‍රයෙකුවන යෝෂිත රාජපක්ෂ අත්අඩංගුවට ගනු ලැබී ය. 

නීති විරෝධීව උපයාගත් වත්කම් භාවිතා කරමින් රත්මලාන සිරිමල් උයන ප්‍රදේශයේ පිහිටි ඉඩමක් මිලදී ගැනීම යෝෂිතට එරෙහිව එල්ල වී තිබෙන චෝදනාවයි. 

යෝෂිත රාජපක්ෂට අයත් බැංකු ගිණුම් සහ තැන්පතු සම්බන්ධයෙන් ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වන විට විමර්ශන අරඹා ඇති බව පැවසේ. 

එමෙන්ම අපරාධයට අනුබල දීමේ චෝදනාව යටතේ, යෝෂිත රාජපක්ෂගේ මිත්තනියක වන ඩේසි ෆොරෙස්ට් යන කාන්තාවට එරෙහිවද පියවර ගන්නා ලෙස නීතිපති දෙපාර්තමේන්තුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් දී ඇති බව වාර්තා වේ. 


Comments

Heading Heading
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න