Heading
දේශීය
2025-01-27 8:52 am • Views: 542

සෑම අමාත්‍යංශයක්ම අධීක්ෂණය කිරීම සදහා විශේෂ කමිටු..! චීනය සහ වියට්නාමයේත් එවැනි යාන්ත්‍රණයක් ක්‍රියාත්මකයි.

සෑම අමාත්‍යංශයක්ම අධීක්ෂණය කිරීම සදහා විශේෂ කමිටු..! චීනය සහ වියට්නාමයේත් එවැනි යාන්ත්‍රණයක් ක්‍රියාත්මකයි. 

සෑම අමාත්‍යංශයක්ම අධීක්ෂණය කිරීම සදහා විශේෂ කමිටු පිහිටුවීමට ජාතික ජනබලවේගයේ රජය පියවර ගෙන තිබෙන බව වාර්තා වේ. 

සාමාජිකයන් දහයත් පහළොවත් අතර සංඛ්‍යාවකින් යුතු මෙම කමිටු, ඔවුන් අධීක්ෂණය කිරීමට භාර ගන්නා අමාත්‍යංශවල විෂය පථයන් සම්බන්ධයෙන් විශේෂඥ දැනුමක් සහිත පිරිස්වලින් සමන්විතය. 

එමෙන්ම මෙම කමිටුවල සාමාජිකයන් කිසිදු දීමනාවක් නොලබ ස්වේච්ඡාවෙන් වැඩ කිරීමට සූදානම් පිරිසකි. 

මේ ආකාරයේ යාන්ත්‍රණයක් චීනය සහ වියට්නාමය වැනි රටවලද ක්‍රියාත්මක වන බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසා තිබේ. 

Comments

Heading Heading
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න