Heading
දේශීය
2025-01-27 12:45 pm • Views: 714

රනිල්ගේ උපදේශකවරයෙකු වූ කීර්ති තෙන්නකෝන්, ඇමති සමන්තගෙන් රුපියල් ලක්ෂ 1000 ක් වන්දි ඉල්ලයි.

රනිල්ගේ උපදේශකවරයෙකු වූ කීර්ති තෙන්නකෝන්, ඇමති සමන්තගෙන් රුපියල් ලක්ෂ 1000 ක් වන්දි ඉල්ලයි. 

රනිල් වික්‍රමසිංහ මහතාගේ හිටපු උපදේශකයෙකු සහ හිටපු ආණ්ඩුකාරවරයෙකු ද වන කීර්ති තෙන්නකෝන් මහතා, රුපියල් ලක්ෂ දහසක වන්දි මුදලක් ඉල්ලා, අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා වෙත එන්තරවාසියක් එවා ඇති බව වාර්තා වේ. 

මෙම රුපියල් ලක්ෂ දහස දින දා හතරක් ඇතුළත නොගෙවන්නේ නම් එම මුදල ලබා ගැනීම සදහා නීතිමය පියවර ගන්නා බවද කීර්ති තෙන්නකෝන් වෙනුවෙන් පෙනී සිටින නීතීඥයන් සමන්ත විද්‍යාරත්න අමාත්‍යවරයාට දැනුම් දී තිබේ. 

පසුගිය දා විශේෂ මාධ්‍ය හමුවක් තබමින්, අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා හෙළි කර සිටියේ, කීර්ති තෙන්කෝන් විසින් රජයේ රක්ෂිතයකින් විශාල ඉඩම් ප්‍රමාණයක්, ව්‍යාජ තොරතුරු ලබා දෙමින් අත්පත්කරගෙන ඇති බවයි. 

ඊට අදාල සාක්ෂි එම මාධ්‍ය හමුවේ දී සමන්ත විද්‍යාරත්න අමාත්‍යවරයා හෙළිකර සිටි නමුත්, කීර්ති තෙන්නකෝන් මහතා පවසන්නේ එම තොරතුරු අසත්‍ය බවයි. 


Comments

Heading Heading
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න