Heading
දේශීය
2025-01-28 8:55 am • Views: 314

2024 වසරේ සමස්ත අපනයන ආදායම ඩොලර් බිලියන 16.17 ක්. 2023 ට සාපේක්ෂව 7.06% ක වර්ධනයක්.

2024 වසරේ සමස්ත අපනයන ආදායම ඩොලර් බිලියන 16.17 ක්. 2023 ට සාපේක්ෂව 7.06% ක වර්ධනයක්. 

2024 වසරේ දී ශ්‍රී ලංකාව ඩොලර් බිලියන 16.17 ක අපනයන ආදායම් උපයා ඇති බව අපනයන සංවර්ධන මණ්ඩලය පසුගිය දා නිකුත් කර තිබෙන දත්තවලින් පෙන්නුම් කරයි. 

එය, 2023 වසරේ දී අපනයන මගින් උපයා ඇති සමස්ත ආදායම හා සන්සන්දනය කිරීමේ දී 7.06% ක වර්ධනයකි. 

මීට පෙර ශ්‍රී ලංකාව ඉහළම අපනයන ආදායමක් උපයා තිබුණු වසර වී තිබුණේ 2018 වසරයි. 2018 වසරේ දී ඩොලර් බිලියන 15.72 ක අපනයන ආදායමක් ශ්‍රී ලංකාව උපයා තිබුණි. 

2024 වසරේ ශ්‍රී ලංකාව උපයා ඇති ඩොලර් බිලියන 16.17 ක සමස්ත අපනයන ආදායමෙන්, ඩොලර් බිලියන 12.70 ක් උපයා ඇත්තේ වෙළද භාණ්ඩ අපනයනයෙනි. සේවා අපනයනයෙන් උපයා ඇති ආදායම ඩොලර් බිලියන 3.46 කි. 

Comments

Heading Heading
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න