ලක්ෂ හයසිය හතලිහේ කප්පම් සිද්ධිය; ප්‍රසන්නගේ අභියාචනය ජූනි 05, 13 සහ 16 විභාගයට..! ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් ලක්ෂ 640 ක කප්පම් ඉල්ලීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මහාධිකරණය හමුවේ වරදකරුවකු වී සිටින හිටපු අමාත්‍ය ප්‍රසන්න රණතුංග, දඩුවම අහෝසි කොට, තමන් නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා ගොනු කර තිබෙන පෙත්සම, ජූනි මාසයේ 05, 13 සහ 16 යන දිනවල විභාගයට ගන්නා බව අභියාචනාධිකරණය දැනුම් දෙයි. ව්‍යාපාරිකයාගෙන් කප්පම් ඉල්ලීම සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණය හමුවේ ප්‍රසන්න රණතුංගට එරෙහිව අධිචෝදනා ගොනු කොට තිබුණි. ඒ අනුව, අදාල නඩුව විභාගයට ගත් කොළඹ මහාධිකරණය, සැකකාර ප්‍රසන්න රණතුංග කප්පම් සිද්ධිය සම්බන්ධයෙන් වරදකරු කරමින්, ඔහුට එරෙහිව, වසර පහකට අත්හිටවූ වසර දෙකක සිරදඩුවමක් සහ රුපියල් ලක්ෂ දෙසීය පනහක දඩයක් නියම කර ලදී. ප්‍රසන්න රණතුංගට එරෙහිව කොළඹ මහාධිකරණය අදාල තීන්දුව ලබා දෙන ලද්දේ 2022 වසරේ ජූනි මස 06 වන දා ය.
Heading | Heading |
---|
Heading |
---|
2025-01-30 3:02 am
|
Heading |
---|
2025-01-30 2:35 am
|
Heading |
---|
2025-01-30 10:50 am
|
දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.
Heading |
---|
Heading |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට
අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
|