Heading
දේශීය
2025-02-03 8:15 am • Views: 1334

"ප්‍රහාරයට පෙර සහරාන් සහ සුරේශ් සලෙයි හමු වූවාද..?" තවත් තොරතුරු ලබා දීමට අසාද් මවුලානා දිවයිනට..!

"ප්‍රහාරයට පෙර සහරාන් සහ සුරේශ් සලෙයි හමු වූවාද..?" තවත් තොරතුරු ලබා දීමට අසාද් මවුලානා දිවයිනට..! 

පාස්කු ප්‍රහාරයට අදාල විමර්ශන සදහා සහාය දීමට තමන් සූදානම් බව,  දේශපාලන රැකවරණ ලබා ගැනීමේ අරමුණ ඇතිව මේ වනවිට ස්විට්සර්ලන්තයට ගොස් සිටින අසාද් මවුලානා පවසා ඇති බව වාර්තා වේ. 

බ්‍රිතාන්‍ය චැනල් ෆෝ නාලිකාව පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විකාශය කළ වාර්තා වැඩ සටහනේ ප්‍රධාන තොරතුරු සපයන්නා බවට පත්ව සිටියේ අසාද් මවුලානා යි. 

පාස්කු ප්‍රහාරය සිද්ධ වීමට වසරකට පෙර, 2018 වසරේ දී, සහරාන් හෂීම් කණ්ඩායම සහ හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානී සුරේශ් සලෙයි අතර හමුවක් සිදු වූ බවට වන ආන්දෝලනාත්මක අනාවරණය සිද්ධ කරන ලද්දේ අසාද් මවුලානා විසිනි. 

සහරාන් හෂීම් කණ්ඩායම සමග පැවති හමුවෙන් පසුව, “රාජපක්ෂවරුන්ට යළි බලයට ඒමට නම්, රට තුළ අනාරක්ෂිත වාතාවරණයක් නිර්මාණය විය යුතු යැයි”, සුරේශ් සලෙයි තමන් සමග පැවසූ බව අසාද් මවුලානා පවසයි. 

අසාද් මවුලානාගේ මේ සියළු චෝදනා සුරේශ් සලෙයි විසින් ප්‍රතික්ෂේප කර තිබේ. 

කෙසේ වෙතත්, පාස්කු විමර්ශන සදහා සහාය දීමට ලංකාවට පැමිණීමට තමන් සූදානම් බව අසාද් මවුලානා පවසා ඇතැයි වාර්තා වේ. 


Comments

Heading Heading
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න