Heading
දේශීය
2025-02-04 11:54 am • Views: 1583

ලසන්ත ඝාතනයේ සැකකරුවන් තිදෙනෙකු නිදහස් කරන ලෙස නීතිපති නියෝග කරයි.

ලසන්ත ඝාතනයේ සැකකරුවන් තිදෙනෙකු නිදහස් කරන ලෙස නීතිපති නියෝග කරයි.

නීතිපති පාරින්ද රණසිංහ මහතා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යොමු කර තිබෙන ලිපියක් සම්බන්ධයෙන් යම් කිසි ආන්දෝලනාත්මක තත්ත්වයක්  මේ වන විට රට තුළ මතුව තිබේ. 

එම ලිපියෙන් නීතිපති පාරින්ද රණසිංහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර ඇත්තේ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනයට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙකු එම නඩුවෙන් නිදහස් කරන ලෙස යි. 

මෙම සැකකරුවන් තිදෙනා වන්නේ ප්‍රේම් ආනන්ද උදලාගම, හෙට්ටිආරච්චිගේ දොන් තිස්සසිරි සුගතපාල සහ විතාරණ ආරච්චිගේ සිරිමෙවන් ප්‍රසන්න නානායක්කාර යන අයයි. 

මෙම සැකකරුවන් අතරෙන් පළමුව නම් සදහන්වන ප්‍රේම් ආනන්ද උදලාගම යනු ට්‍රිපෝලි කදවුරට සම්බන්ධව සිටි යුද හමුදා බුද්ධි නිළධාරියෙකි. ලසන්ත ඝාතනයට මෙන්ම තවත් බිහිසුනු සිදුවීම් රැසකට මෙකී උදලාගම නමැති පුද්ගලයා සම්බන්ධ බවට සැක කරන අතර, රිවිර ප්‍රධාන කර්තෘ උපාලි තෙන්නකෝන් මහතාට පහරදීමේ සිදුවීම ඉන් එකකි.

විතාරන ආරච්චිගේ සිරිමෙවන් ප්‍රසන්න නානායක්කාර යනු ලසන්ත ඝාතනය වසන් කිරීමට කටයුතු කළ බවට චෝදනා එල්ල වී තිබෙන උසස් පොලිස් නිළධාරියෙකි. 



Comments

Heading Heading
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න