“මම දිනුවොත් පිල්ලෙයාන් නිදහස් කරනවා;” යැයි, ගෝඨාභය කියූ බව අසාද් මවුලානා කියයි. මෙය අද වෙළද පොලට නිකුත්ව තිබෙන ඩේලි මිරර් පුවත්පත හෙළි කර තිබෙන අනාවරණයක දළ පරිවර්තනයකි. ඩේලි මිරර් පුවත්පත මෙම වාර්තාව සපයා ඇත්තේ අසාද් මවුලානා විසින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධානයට ලබා දී තිබෙන සාක්ෂය මත පදනම්වයි. මෙය සිංහ පමණක් කියවන පාඨකයන් වෙනුවෙන් සකස් කළ දළ සටහනකි. වඩාත් ම සුදුසු වන්නේ ඉංග්‍රීසි පිටපත කියවීම බව හෙඩ්ලයින් නිවුස් අපගේ යෝජනාවයි. පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝසප් පරරාජසිංහම් ඝාතනය සම්බන්ධයෙන් 2015 වසරේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පිල්ලෙයාන් අත්අඩංගුවට ගනී. පසුව ඔහු මඩකලපුව බන්ධනාගාරයට මාරු කරයි. ඒ වන විටත්, ඝාතන සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි සහරාන් කල්ලියේ සාමාජිකයන් පිල්ලෙයාන්ට හමුවන්නේ මඩකලපුව බන්ධනාගාරයේදී ය. බන්ධනාගාරය තුළ දී කොටි සංවිධානයේ මරාගෙන මැරෙන උපක්‍රම සහරාන් කණ්ඩායමට තමන් ඉගැන් වූ බව පිල්ලෙයාන්, අසාද් මවුලානාට පවසයි. ඒ, අසාද් මවුලානා ඔහු බැලීමට මඩකලපුව බන්ධනාගාරයට පැමිණි අවස්ථාවක දී ය. සහරාන් කණ්ඩායමෙන් අනාගතයේ දී ප්‍රයෝජනයක් ගත හැකි බැවින්, ඔවුන් සමඟ සමීප සම්බන්ධයක් ගොඩ නගා ගැනීමට පිල්ලෙයාන් කටයුතු කරයි. සහරාන් කණ්ඩායමට ඇප ලබා ගැනීම සදහා නීතීඥයන්ට අවශ්‍ය මුදල් සුරේශ් සලෙයි හරහා ලබා දීමට කටයුතු කරන්නේ ද පිල්ලෙයාන් ය. සුරේශ් සලෙයි සහ සහරාන් කණ්ඩායම අතර හමුවක් සංවිධානය කරන ලෙස පිල්ලෙයාන් විසින් අසාද් මවුලානාට දැනුම් දෙයි. ඒ, 2018 වසරේ දී ය. ඒ අනුව, සහරාන් කණ්ඩායම සමග සුරේශ් සලෙයිගේ පළමු හමුව පුත්තලම වනාත විල්ලුව පොල් වත්තේ දී සිදු වෙයි. එම හමුව සංවිධානය කරන්නේ අසාද් මවුලානා යි. ඊට අසාද් මවුලානාද සහභාගී විය යුතු යැයි පිල්ලෙයාන් පවසයි. මෙම හමුව සදහා අසාද් මවුලානා පිටත් වන්නේ දෙහිවල ඔහුගේ නිවසේ සිටයි. දෙහිවල නිවසින් ඔහුව රැගෙන යාම සදහා සුරේශ් සලෙයි හමුදා රථයක් එවා තිබේ. පොල්වත්තේ හමුව සැලසුම් කළ පරිදි පැවැත් වී ඇති අතර, සුරේශ් සලෙයි සහ සහරාන් කණ්ඩායම අතර පැවති දීර්ඝ සාකච්ඡාවට අසාද් මවුලානා සහභාගී කරවාගෙන නැත. සාකච්ඡාව අවසන් කර පිටතට පැමිණි සුරේශ් සලෙයි, තමන්ට පෞද්ගලිකව කතා කළ බව අසාද් මවුලානා පවසයි. “පිල්ලෙයාන් එළියට ගන්න නං, ගෝඨාභය ජනාධිපති කරන්න ඕනෑ,” යැයි සුරේශ් සලෙයි තමන් සමග පැවසූ බව අසාද් මවුලානා පවසයි. පහුවදාම, තමන් පිල්ලෙයාන් බැලීමට මඩකලපුව බන්ධනාගාරයට ගිය බව අසාදල් මවුලානා පවසයි. එහිදී, සුරේශ් සලෙයි කී කතාව පිල්ලෙයාන් ට කියූ බවත්, “ගෝඨාභය බලයට ගේන්න සුරේශ් සලෙයිට ලොකු ප්ලෑන් එකක් තියෙනවා;” යැයි පිල්ලෙයාන් එහිදී පැවසූ බවත් අසාද් මවුලානා පවසයි. සහරාන් කණ්ඩායම සහ සුරේශ් සලෙයි අතර පොල්වත්තේ හමුව සිදුව තිබුණේ 2018 වසරේ පෙබරවාරි මාසයේ 01 වෙනිදා ය. පසුව, 2019 වසරේ පෙබරවාරි මාසයේ 11 වන දා, සුරේශ් සලෙයි මාර්ගයෙන්, ගෝඨාභය රාජපක්ෂ තමන්ව කැදවූ බව අසාද් මවුලානා පවසයි. ඒ අනුව, අසාද් මවුලානා, කොහුවල බලපොක-ුණ ප්‍රදේශයේ පිහිටි ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිවසේ දී ගෝඨාභය රාජපක්ෂ මහතා හමු වී තිබේ. මෙම හමුවට කපිල හෙන්දවිතාරණ සහ ජනරල් කපිල කරුණාසේකර යන අයද සහභාගී වූ බව අසාද් මවුලානා පවසයි. . මෙම හමුවේදී, තමන් ජනාධිපති ධූරයට පත් වුවහොත්, පිල්ලෙයාන් නිදහස් කළ හැකි බවත්, සුරේශ් සලෙයි ට සහයෝගය ලබා දීමෙන් එය කළ හැකි බවත් ගෝඨාභය තමන් සමග පැවසී යැයි, අසාද් මවුලානා පවසයි. අසාද් මවුලානා ගෝඨාභය රාජපක්ෂ හමු වී මාස දෙකකට පසුව පාස්කු ත්‍රස්තප්‍රහාරය එල්ල විය. ඒ අනුව, පාස්කු ප්‍රහාරයට ගෝඨාභය රාජපක්ෂ සෘජුව සම්බන්ධ බව අසාද් මවුලානා පවසයි. පාස්කු ප්‍රහාරය සිද්ධ වන විට අසාද් මවුලානා සිට ඇත්තේ මඩකලපුවේ ය. ප්‍රහාරය එල්ල කළ පිරිස රූපවාහිනී නාලිකා ඔස්සේ හෙළිකරන විට, ඒ පිරිස, පුත්තලම වනාතවිල්ලුව පොල් වත්තේ දී සුරේශ් සලෙයි සමග සාකච්ඡාවට සහභාගී වූ සහරාන් කණ්ඩායම බව තමන් හදුනාගත් බව අසාද් මවුලානා පවසයි. පාස්කු ප්‍රහාරය එල්ල වී දින කිහිපයකට පසුව ඒ වන විට කෙටි සංචාරයක් සදහා එක්සත් ජනපදයට ගොස් තිබුණු ගෝඨාභය රාජපක්ෂ මහතා යළි දිවයිනට පැමිණ තිබෙන අතර, තමන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව ද ප්‍රකාශ කර තිබේ. ගෝඨාභය රාජපක්ෂගේ ජනාධිපතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරය අතර තුර මහින්ද රාජපක්ෂ මෙන්ම බැසිල් රාජපක්ෂ ද පිල්ලෙයාන් බැලීමට මඩකලපුව බන්ධනාගාරයට පැමිණ තිබේ. 2019 නොවැම්බර් පළමුවැනි දා මඩකලපුව බන්ධනාගාරයට පැමිණ තිබෙන බැසිල් රාජපක්ෂ, ජනාධිපතිවරණයෙන් පසුව ඔහුව නිදහස් කරන බව පිල්ලෙයාන්ට පොරොන්දු වී තිබේ. කෙසේ වෙතත්, ගෝඨාභය බලයට පත් වූ සැනින් පිල්ලෙයාන් නිදහස් කර නැත. තමන්ගේ නිදහස ප්‍රමාද වන විට, කලබලයට පත් වූ පිල්ලෙයාන්, අසාද් මවුලානා අත, සුරේශ් සලෙයිට ලිපියක් යොමු කර තිබේ. එම ලිපිය තුළ; ගෝඨාභය බලයට පත් වූවේ කෙසේ දැයි තමන් දන්නා බව පවසා තිබෙන පිල්ලෙයාන්, තමන්ව නිදහස් නොකලොත්, දරුණු ප්‍රතිවිපාකවලට මුහුන දීමට සිදුවනු ඇති බවටත් අනත-ුරු හගවා තිබේ. ඉන් පසුව සුරේශ් සලෙයි, අසාද් මවුලානාට බැසිල් රාජපක්ෂ සම්බන්ධ කර දී තිබේ. බැසිල්, අසාද් මවුලානාට ජනාධිපති නීතීඥවරයෙකු හදුන්වා දී තිබේ. නමුත්, පිල්ලෙයාන් නිදහස් කර ගැනීම ලේසි වී නැත. ඊට එක් හේත-ුවක් වී ඇත්තේ එවකට නීතිපතිවරයාව සිටි දප්පුල ද සිල්වා, පිල්ලෙයාන් නිදහස් කිරීමට දැඩිව විරුද්ධ වීමයි. අවසානයේ දී පිල්ලෙයාන්ට ඇප ගැනීම සදහා, විනිසුරුවරයෙකුගේ උදව් ලබා දීමට බැසිල් රාජපක්ෂ කටයුත-ු කර තිබේ.
Heading | Heading |
---|
Heading |
---|
2025-03-12 9:16 am
|
Heading |
---|
2025-03-11 5:40 am
|
Heading |
---|
2025-03-11 2:29 am
|
Heading |
---|
2025-03-11 12:03 pm
|
දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.
Heading |
---|
Heading |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට
අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
|