Heading
දේශීය
2025-02-06 4:11 am • Views: 65

“දෝශාභියෝගයකින් නීතිපති ඉවත් කරන්න..!” ලසන්තගේ දියණිය අගමැතිනියගෙන් ඉල්ලයි.

“දෝශාභියෝගයකින් නීතිපති ඉවත් කරන්න..!” ලසන්තගේ දියණිය අගමැතිනියගෙන් ඉල්ලයි. 

මාධ්‍යවේදී ලසන්ත වික්‍රමත-ුංග මහතාගේ ඝාතනයට අදාල නඩුවේ සැකකරුවන් තිදෙනෙකු නිදහස් කරන ලෙස, නීතිපති පාරින්ද රණසිංහ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු-වට නියෝග කර තිබේ. 

නීතිපතිවරයාගේ එම නියෝගය මේ වන විට මහත් ආන්දෝලනයක් රට තුළ නිර්මාණය කර තිබේ. 

නීතිපතිවරයා වහා ඉවත් කරන ලෙස පාර්ශ්ව කිහිපයකින් රජයට ඉල්ලීම් ඉදිරිපත් ව තිබේ. 

එසේ, නීතිපතිවරයා වහා ඉවත් කරන ලෙස, රජයට බලකරන පිරිස අතරට, ලසන්ත වික්‍රමතුංග මහතාගේ දියණිය අහිම්සා වික්‍රමතුංග මහත්මියද එකතුව සිටියි. 

අග්‍රාමාත්‍ය හරිනී අමරසූරිය මහත්මිය වෙත ලිපියක් යොමු කරමින්, අහිම්සා වික්‍රමතුංග යෝජනා කරන්නේ, දෝශාභියෝගයකින් නීතිපතිවරයා ඉවත් කරන ලෙසයි. 

අධිකරණ පද්ධතිය යතා තත්ත්වයට පත් කිරීම සදහා රජය දුන් පොරොන්දුව ඉටු කළ හැකි එකම ක්‍රමය, දෝශාභියෝගයක් මගින් නීතිපතිවරයා ඉවත් කිරීම බව අහිම්සා වික්‍රමතුංග මහත්මිය සිය ලිපිය මගින් අවධාරණය කරයි. 

Comments

Heading Heading
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න