Heading
දේශීය
2024-08-01 4:29 am

ඉන්දීය ධීවරයාගේ මරණය..! ඉන්දීය රජය ශ්‍රී ලංකාවට සිය දැඩි අප්‍රසාදය පළ කරයි..!

ඉන්දීය ධීවරයාගේ මරණය..! ඉන්දීය රජය ශ්‍රී ලංකාවට සිය දැඩි අප්‍රසාදය පළ කරයි..! 


උතුරු මුහුදේ ධීවර කටයුතු සදහා අනවසරයෙන් පැමිණ තිබුණු ඉන්දීය ධීවර යාත්‍රාවක් නාවික හමුදා යාත්‍රාවක ගැටීමෙන් සිදුව තිබෙන අනතුරකින්, එක් ඉන්දීය ධීවරයෙකු මියගොස් තවත් අයෙකු අතුරුදන්ව ඇති බව  අද පෙරවරුවේ වාර්තා විය. 

රජය මේ සම්බන්ධව ඉන්දීය රජය දැනුවත් කර තිබෙන බවද පැවසේ. 

කෙසේ වෙතත්, සිද්ධිය සම්බන්ධයෙන් ඉන්දීය රජය ශ්‍රී ලංකා රජයට සිය දැඩි අප්‍රසාදය ප්‍රකාශ කර තිබෙන බව වාර්තා වේ. 

ඉන්දියාවේ ශ්‍රී ලංකා තානාපතිවරයා ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශයට කැදවා ඇති බව වාර්තා වන අතර, මෙරට ඉන්දීය මහකොමසාරිස්වරයාද සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දක්වා තිබේ. 

ඔහු පවසා ඇත්තේ, එක් ධීවරයෙකු අතුරුදන් වී තවත් අයෙකු මිය යාම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය යම් පැහැදිලි කිරීමක් කරනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බවයි.  

Heading
sample image
30K Followers
sample image
40K Followers
sample image
4K Followers
sample image
325K Followers
sample image
747 Followers

Comments

Heading Heading
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න