ඩබ්. ෆිෆ්ටීන් හෝටලයට වෙඩි තැබීම; අනෙක් හයත් අධිකරණයට භාර වෙති. ඩබ්ලිව් ෆිෆ්ටීන් හෝටලයට වෙඩි තැබීමේ සිදු වීම සම්බන්ධයෙන් මේ වන විටත්, හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගතකර සිටින අතර, මෙම සිදුවීමට සම්බන්ධ අනෙකුත් සැකකරුවන් හය දෙනාද අද දිනයේ දී මාතර මහේස්ත්‍රාත් අධිකරණයට භාර වී ඇති බව වාර්තා වේ. ඩබ්ලිව් ෆිෆ්ටීන් හෝටලයට වෙඩි තැබීමේ සිදු වීමට සම්බන්ධව සිටියේ, කොළඹ අපරාධ කොට්ඨාශයේ එවකට හිටි ස්ථානාධිපති ඇත-ුළු පිරිසකි. ඔවුන්ගෙන් එක් අයෙකු මෙම සිදු වීමේ දී වෙඩි වැදී මිය ගියේ ය. ඒ, පොලිස් සැරයන් උපුල් චමින්ද කුමාර යන අයයි. ඊට අමතරව, මෙම මෙහෙයුමට සම්බන්ධව සිටි කොළඹ අපරාධ කොට්ඨා්‍යශයට අනුයුක්තව රාජකාරී කළ පහත පිරිස අද අධිකරණයට භාර වී තිබේ. උප පොලිස් පරීක්ෂක මධුරංග, පොලිස් පරීක්ෂක එම්.ආර්. ධුනුසිංහ, ප්‍රධාන පොලිස් පරීක්ෂක ඇන්ස්ලන් ද සිල්වා, පොලිස් පරීක්ෂක ජගත් නිශාන්ත, පොලිස් පරීක්ෂක ප්‍රියනාත් සහ පොලිස් පරීක්ෂක දුලිප් ගිහාන් පියතිස්ස.
Heading | Heading |
---|
Heading |
---|
2025-06-06 11:06 am
|
දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.
Heading |
---|
Heading |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට
අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
|