හිටපු රාජ්‍ය අමාත්‍ය එස්. වියලේන්ද්‍රන්, අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගනී. හිටපු රාජ්‍ය අමාත්‍ය වියලේන්ද්‍රන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම මගින් අත්අඩංගුවට ගෙන තිබේ. ඔහු අත්අඩංගුවට ගත් හේතුව මෙතෙක් අනාවරණය වී නැතත්, හිටපු රාජ්‍ය අමාත්‍යවරයාට මීට පෙරද දූෂණ චෝදනා එල්ල වී තිබුණි. විශේෂයෙන්ම, එස්.වියලේන්ද්‍රන්, පරිසර රාජ්‍ය අමාත්‍යවරයාව සිටිය දී, ඔහුගේ පෞද්ගලික ලේකම් වූ රොෂ්මන් නමැති අය අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගනු ලැබී ය. ඒ, පතල් කැනීමේ බලපත්‍රයක් ලබා දීම වෙනුවෙන් කිසියම් තැනැත්තෙකුගෙන් රුපියල් මිලියන හයක අල්ලසක් ලබා ගැනීමේ සිදු වීමක් සම්බන්ධයෙනි. මෙම සිද්ධිය වාර්තා වූ සමයේ ඇතැම් පිරිස් චෝදනා කළේ පෞද්ගලික ලේකම් වරයා එම අල්ලස ලබා ගෙන තිබෙන්නේ රාජ්‍ය අමාත්‍යවරයා වන එස්. වියලේන්ද්‍රන් වෙනුවෙන් බවටයි. එස්. වියලේන්ද්‍රන් ප්‍රබල රාජපක්ෂ වාදියෙකු වන අතර, ඔහු පාර්ලිමේන්තුවට තේරී පත්ව තිබුණේ ද පොහොට්ටු පක්ෂයෙන් තරග කරමිනි. කෙසේ වෙතත්, පසුගිය ජනාධිපතිවරණය සමයේ දී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දැක්වීම සදහා ඔහු එක් විය.
Heading | Heading |
---|
Heading |
---|
2025-06-06 11:06 am
|
දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.
Heading |
---|
Heading |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට
අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
|