“12 වාට්ටුවේ රෝගීන් 120 ක් පමණ හිටියා.. ඒත් ඇදන් තියෙන්නේ 38 යි. ඉතින් වැඩි දෙනෙක් හිටියේ කොරිඩෝවේ.. මියගියේ එහෙම කොරිඩෝවේ හිටිය රෝගියෙක්..” රෝහල් අධ්‍යක්ෂක කියයි. මුන්දලම ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර සිටි බරපතල තත්ත්වයෙන් පසු වූ රෝගියෙකු පසුගිය 18 වන දා හලාවත දිස්ත්‍රික් මහ රෝහල වෙත ඇතුළත් කිරීමෙන් පසුව මියගොස් තිබේ. රෝගියාගේ ඥාතීන් පවසන ආකාරයට, “බරපතල තත්ත්වයේ පසු වූ” එකී රෝගියාට ප්‍රතිකාර ලබා දීමට සුදුසු තත්ත්වයක් අදාල මොහොතේ රෝහල ත-ුළ පැවතී නැත. විශේෂයෙන්ම, ඔහුගේ තත්ත්වය කෙතරම් බරපතල වූවද මෙම රෝගියාට ඇදක් ලැබී නැත. මුලින් තවත් රෝගීන් කිහිප දෙනෙකු සිටි ඇදක් ඔහුට ලැබී තිබුනද පසුව ඇද ඇතිරිල්ලත් ගෙන, කොරිඩෝවට යාමට රෝගියාට සිදුව තිබේ. කොරිඩෝවේ ගෙවූ එම රාත්‍රියේ දී ඔහුගේ තත්ත්වය වඩාත් නරක අතට හැරී ඇති බව වාර්තා වේ. මියගිය එකී රෝගියාගේ ඥාතීන් ඉදිරිපත් කරන මෙම චෝදනාව රෝහලේ අධ්‍යක්ෂක ප්‍රතික්ෂේප නොකරයි. රෝහල් අධ්‍යක්ෂක පවසන ආකාරයට, බරපතල තත්ත්වයක සිටි එම රෝගියා ඇතුළත් කළ දිනයේ ආසන්න වශයෙන් රෝගීන් 12 දෙනෙකු එම වාට්ටුවට ඇතුළත් කර තිබී ඇත. නමුත්, එම වාට්ටුවේ ඇදන් ඇත්තේ 38 කි. එබැවින්, බොහෝ රෝගීන්ට එකී වාට්ටුවේ කොරිඩෝ මත වැතිරෙන්නට සිදුව තිබේ. මේ තත්ත්වය පිළිබදව සෞඛ්‍ය බලධාරීන් දැනුවත් කර තිබුනද මෙතෙක් ප්‍රශ්නය විසදී නැත. ඩේලි මිරර් වෙබ් අඩවිය ඇසුරෙනි.
Heading | Heading |
---|
Heading |
---|
2025-06-06 11:06 am
|
දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.
Heading |
---|
Heading |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට
අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
|