Heading
දේශීය
2024-08-02 8:49 am

වී.එෆ්.එස් වීසා ගනුදෙනුව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අත්හිටුවයි..!

වී.එෆ්.එස් වීසා ගනුදෙනුව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අත්හිටුවයි..! 



ඔන්ලයින් වීසා නිකුත් කිරීම සදහා වී.එෆ්.එස් ආයතනයට ලබා දී තිබුණු අවසරය, වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබේ. 

වී.එෆ්.එස් ආයතනයට අදාල ගනුදෙනුව ලබා දී තිබුණේ කැබිනට් මණ්ඩලයේ අනුමැතිය මතයි.

මෙම ගනුදෙනුව විනිවිද භාවයෙන් තොර සහ නිසි ප්‍රසම්පාදන ක්‍රියාපිළිවෙත් අනුගමනය නොකරමින් සිදු කර  තිබෙන එකක් බවත්, ඊට අමතරම, වීසා නිකුතව පෞද්ගලික ආයතනයකට ලබා දීම ජාතික ආරක්ෂාවට තර්ජනයක් මෙන්ම සංචාරක ව්‍යාපාරයේ දියුණුවටත් එය බාධාවක් බව කියමින් පාර්ශ්ව රැසක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනු කර තිබුණි. 

ඒ අනුව, පෙත්සම් විභාගය අවසන් වන තෙක් අදාල සමාගමට ඔන්ලයින් වීසා නික-ුත් කිරීම සදහා ලබා දී තිබුණු අවසරය අත්හිටුවා තිබේ. 


Heading
sample image
30K Followers
sample image
40K Followers
sample image
4K Followers
sample image
325K Followers
sample image
747 Followers

Comments

Heading Heading
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න