"මේ දෙසැම්බර් වන විට සජිත් ජනාධිපති පුටුවේ ඉන්දවනවා." කබීර් හෂීම්. එළැඹෙන දෙසැම්බර් මාසය වන විට සජිත් ප්‍රේමදාස මහතා මේ රටේ ජනාධිපති බවට පත් කරන බව සමගි ජන බලවේගයේ කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතා පවසයි. ඊයේ දිනයේ කෑගල්ල ප්‍රදේශයේ ජන හමුවක් අමතමින් ඔහු මේ බව පැවසී ය. කෙසේ වෙතත්, දෙසැම්බරයට පෙර සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති ධූරයට පත් කිරීම සදහා වන වැඩ පිළිවෙළ හෙළි නොකිරීමට ඒ මහතා ප්‍රවේශම් විය. ඒ වෙනුවට ඔහු පවසා සිටියේ, වත්මන් රජය දෙසැම්බරය වන විට ඉවත්වනු ඇති බවත්, එවිට පුරප්පාඩු වන ජනපති අසුනේ රනිල් වාඩි වීමට පෙර තමන් සජිත් එහි වාඩි කරවන බවයි. කලින් වතාවේ ගෝඨාභය රාජපක්ෂ කළ ආරාධනාව සජිත් ප්‍රතික්ෂේප කළද මේ අවස්ථාවේ දී එසේ නොවීමට තමන් වගබලා ගන්නා බවද කබීර් හෂීම් මහතා පාක්ෂිකයන්ට පොරොන්දු විය.
Heading | Heading |
---|
Heading |
---|
2025-04-25 12:09 pm
|
Heading |
---|
2025-04-25 8:23 am
|
Heading |
---|
2025-04-24 8:26 am
|
දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.
Heading |
---|
Heading |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට
අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
|