Heading
දේශීය
2025-04-26 7:08 am • Views: 309

“මතුවෙමින් පවතින් ගෝලීය ප්‍රවණතා ශ්‍රී ලංකාවට අහිතකර වුවහොත්, ඊට මුහුණ දීම සදහා එක්ව කටයුතු කිරීමට සූදානම්..!” සිව්වන සමාලෝචනය අවසක් කරමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියයි.

“මතුවෙමින් පවතින් ගෝලීය ප්‍රවණතා ශ්‍රී ලංකාවට අහිතකර වුවහොත්, ඊට මුහුණ දීම සදහා එක්ව කටයුතු කිරීමට සූදානම්..!” සිව්වන සමාලෝචනය අවසක් කරමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියයි. 

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ ණය පහසුකම මගින් සහාය දක්වන ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහනේ සිව්වන සමාලෝචනය අවසන් කරමින් ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඊයේ දිනයේ දී ආර්ථික ප්‍රතිපත්ති පිළිබද කාර්ය මණ්ඩල එකඟතාවයකට පැමිණ තිබුණි. 

ඒ සමඟ ශ්‍රී ලංකාවට එක්සත් ජනපද ඩොලර් මිලියන 344 ක පමණ මූල්‍යයන පහසුකමකට ප්‍රවේශය හිමි වේ. 

සමස්තයක් ලෙස, වැඩසටහනේ කාර්ය සාධනය ශක්තිමත් පවතින බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අදහසයි. ආර්ථික වර්ධනය යථා තත්ත්වයට පත් වෙමින් පවතින බව නිවේදනය කරන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ආදායම් රැස් කිරීම, සංචිත එකතු කිරීම සහ ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ අපේක්ෂා කළ පරිදි සිදු වෙමින් පවතින බවත්, රජය වැඩ සටහනේ අරමුණු වෙනුවෙන් කැපවී සිටින බවත් පවසයි. 

කෙසේ වෙතත්, ගෝලීය වෙළද ප්‍රතිපත්ති පිළිබද අවිනිශ්චිතතා මගින් ශ්‍රී ලංකාවේ ආර්ථිකයට සැලකිය යුතු අහිතකර බලපෑම් ඇති කිරීමේ අවදානමක් පවතින බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අදහසයි. එසේ බලපෑම් ඇති වුවහොත්, බළධාරීන් සහ කාර්ය මණ්ඩලය එක්ව බලපෑම තක්සේරු කිරීමට හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහාය දක්වන වැඩසටහනේ පරාමිතීන් තුළ ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසා සිටියි. 

Comments

Heading Heading
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න