Heading
දේශීය
2024-08-03 10:47 pm

ජනපති විසින් පොලිස්පතිගේ බලතල ලිඛිතවම මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්ට පවරයි...!

ජනපති විසින් පොලිස්පතිගේ බලතල ලිඛිතවම මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්ට පවරයි...!


ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින්, මැතිවරණ කාල සීමාව තුළ පොලිස්පතිවරයා වෙනුවෙන් තීන්දු තීරණ ගැනීමේ බලය, මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයාට පවරා ඇති බව සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කරයි. 

ජනාධිපති ලේකම්ගේ නිල අත්සනින් යුතුව, අදාල බලතල මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්ට පවරා දීම සිදු කර තිබේ. 

ඒ අනුව, මැතිවරණ කාල සීමාව තුළ පොලිස්පතිවරයා විසින් නිකුත් කරන සියළු නියෝග, මැතිවරණ රාජකාරී සදහා පොලිස් නිළධාරීන් යෙදවීම, මැතිවරණ රැස්වීම් සදහා අවශ්‍ය කටයුතු සම්පාදනය කර දීම, ප්‍රවාහන අවශ්‍යතා සපුරාදීම, මැතිවරණ කාල සීමාව තුළ අවශ්‍ය වන මුදල් ගෙවීමට කටයුතු කිරීම ආදී සියල්ල පොලිස්පතිවරයා වෙනුවෙන් මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් කරනු ලබයි. 

වැඩබලන පොලිස්පතිවරයෙකු පත් කරන ලෙස මැතිවරණ කොමිසම ලිඛිතව ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබුණු අතර, පොලිස්පතිවරයාගේ රාජකාරී ආවරණය කිරීම මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්ට පවරා ඇති බව එම ලිඛිත ඉල්ලීමට පිළිතුරු ලෙස ජනාධිපතිවරයා විසින් මැතිවරණ කොමිසමට එවා තිබේ. 

Heading
sample image
30K Followers
sample image
40K Followers
sample image
4K Followers
sample image
325K Followers
sample image
747 Followers

Comments

Heading Heading
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න