
“ජූඩ් ශර්මන්ත සිංගප්පූරුවේ නෑ..! කොහේ ඉන්නවාද දන්නේත් නෑ..” නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දෙයි. ජූඩ් ශර්මන්ත ජයමහ සිංගප්පූරුවේ නොමැති බව, නීතිපති දෙපාර්තමේන්තු-ව අද අධිකරණයට දැනුම් දී තිබේ. මෛත්‍රීපාල සිරිසේන ලබා දී තිබුණු ජනාධිපති සමාව අවලංගු කිරීමෙන් පසුව, වහාම, ජූඩ් ශර්මන්ත අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නීතිපති දෙපාර්තමේන්තුවට නියෝග කර තිබුණි. එම නියෝගය ලබා දී වසරක කාලයක් ගෙවී ගොස් තිබුනද, ජූඩ් ශර්මන්ත අධිකරණයට ඉදිරිපත් කිරීමට නොහැකි වීම සම්බන්ධයෙන් අධිකරණය නීතිපති දෙපාර්තමේන්තුවට සිය අප්‍රසාදය ප්‍රකාශ කර තිබෙන බව වාර්තා වේ. මුල් නඩු ගොනු සොයා ගැනීමේ දුෂ්කරතා හේතුවෙන් යම්කිසි ප්‍රමාදයක් සිදුවද, ජූඩ් ශර්මන්ත ඉන්නා තැන සොයා ගැනීමටත් ඔහු අත්අඩංගුවට ගැනීම සදහා වරෙන්ත-ු ලබා ගැනීමටත් කටයුතු කරමින් සිටින බව නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දී තිබේ. නඩුව, ජූලි 28 වන දා යළි කැදවීමට නියමිත ය.
| Heading | Heading |
|---|
| Heading |
|---|
|
2026-02-25 11:28 am
|
| Heading |
|---|
|
2026-02-19 9:58 am
|

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.
| Heading |
|---|
| Heading |
|---|
| වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. |
|---|
|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට
අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
|