ධම්මික දසනායක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ලේකම් ධූරයෙන් ඉවත් වෙයි..! ධම්මික දසනායක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ලේකම් ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ. ඔහු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ලේකම් ධූරයට පත් වීමට පෙර පාර්ලිමේන්තු මහලේක්මක්වරයා ලෙස කටයුතු කරමින් සිටියේ ය. 2023 වසරේ මැයි මාසයේ දී පාර්ලිමේන්තු මහලේකම් ධූරයෙන් විශ්‍රාම යාමෙන් පසුව, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ලේකම් ධූරය ඔහුට පිරිනමන ලදී. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ලේකම් ධූරයට ධම්මික දසනායක පත් කරන ලද්දේ සාමාන්‍ය සම්ප්‍රදායට පිටින් ගොස් බවට චෝදනා එල්ල විය. සාමාන්‍යයේන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ලේකම් ධූරයට පත් කරනු ලබන්නේ ධූරය දරන පාර්ලිමේන්තු මහලේකම්වරයාම යි. එවිට, එම ධූරය සදහා විශේෂ වියදමක් දැරීමට සිද්ධ නොවේ. නමුත්, එම සම්ප්‍රදායට පිටින් ගොස්, රුපියල් ලක්ෂ පහක පමණ මාසික දීමනාවකට, එවකට විශ්‍රාම ගොස් සිටි ධම්මික දසනායක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ලේකම් ධූරයට පත් කරන ලදී.
Heading | Heading |
---|
Heading |
---|
2025-05-07 8:31 am
|
Heading |
---|
2025-05-07 3:40 am
|
දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.
Heading |
---|
Heading |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට
අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
|