පළාත් පාලන ආයතනවල බලය ඇල්ලීම; රනිල් කැදවා තිබුණු පක්ෂ මහලේකම්වරුන්ගේ හමුවට සජබ මහලේකම් නොයයි. ජාතික ජනබලවේගයට 50%ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගැනීමට නොහැකි වූ පලාත් පාලන ආයතනවල බලය, විපක්ෂයේ පක්ෂ එකතු වී අල්ලා ගැනීමට අදාල මූලික සාකච්ඡාවක් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මූලිකත්වයෙන් ඊයේ දිනයේ දී පැවැත් විණි. ඊයේ පැවති එම සාකච්ඡාවට සහභාගී වූ දේශපාලන පක්ෂ නියෝජිතයන් තීරණය කර තිබුණේ අද දිනයේ දී එම පක්ෂවල මහලේකම්වරු මුණ ගැසී අදාල මෙහෙයුම සම්බන්ධයෙන් වන ඉදිරි ක්‍රියාමාර්ග පිළිබදව දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමටයි. ඒ අනුව, විපක්ෂයේ දේශපාලන පක්ෂවල මහලේකම්වරු අද දිනයේ දී හමුවීමට නියමිතව තිබුනද, සමගි ජන බලවේගයේ මහලේකම් රන්ජිත් මද්දුම බණ්ඩාර මහතා අද පැවති සාකච්ඡාවට සහභාගී වී නැති බව වාර්තා වේ. ඊට හේතුව වශයෙන් ඒ මහතා දක්වා ඇත්තේ නොවැළැක්විය හැකි වෙනත් කටයුත්තක් ඔහුට යෙදී තිබුණු බවයි. සමගි ජනබලවේගයට අමතරව, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් ද අද පැවති මහලේකම්වරුන්ගේ හමුවට සහභාගී නොවන බව කල්තියා ම දැනුම් දී තිබුණි. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පළාත් පාලන ආයතනවල බලය ඇල්ලීමේ මෙහෙයුමකට සහභාගීවීමට අපේක්ෂා නොකරන බව ඊට හේතු වශයෙන් සාගර කාරියවසම් පවසා තිබුණි.
Heading | Heading |
---|
Heading |
---|
2025-06-02 1:28 am
|
Heading |
---|
2025-06-01 10:07 am
|
Heading |
---|
2025-06-01 9:48 am
|
Heading |
---|
2025-05-31 7:43 am
|
දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.
Heading |
---|
Heading |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට
අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
|