රනිල් නිසා චාමර සම්පත් තවත් අමාරුවේ වැටෙයි..! දුන්න ඇපත් අහෝසි කරන ලෙස අල්ලස් කොමිසම අධිකරණයෙන් ඉල්ලයි. අල්ලස් කොමිසම චෝදනා කිහිපයක් යටතේ හිටපු ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණි. එම චෝදනා අතරෙන් එක් චෝදනාවක් වී තිබුණේ ඌව පළාත් සභාවට අයත් අරමුදල් සාවද්‍ය ලෙස පරිහරණය කිරීම යි. අදාල චෝදනාව සම්බන්ධයෙන් පමණක් සැකකරු ඇප මත මුදා හැරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය පසුගිය අප්‍රේල් මාසයේ අටවන දා නියෝග කළේ ය. නමුත් ඔහුට එරෙහිව තවත් චෝදනා තිබුණු බැවින්, අධිකරණය ඉහත චෝදනාවට ඇප ලබා දුන්නද ඔහුට බන්ධනාගාරයෙන් පිටව යාමට නොහැකි විය. මේ අතර අප්‍රේල් මාසයේ 10 වන දා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද චාමර සම්පත් දසනායක සම්බන්ධයෙන් ප්‍රකාශයක් සිදු කළේ ය. එම ප්‍රකාශය හරහා, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසා සිටියේ, ඇප නො ලැබුණු අනෙක් චෝදනාවටද චාමර සම්පත් වරදකරුවකු නොවන බවයි. තමන් මෙම ප්‍රකාශය සිද්ධ කරන්නේ චාමර සම්පත් දසනායක ගේ පවුලේ ඥාතීන් පැමිණ ඔහු මුණ ගැසුණු නිසා බවද හිටපු ජනාධිපතිවරයා පැවසී ය. කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් විමර්ශනයක යෙදුණු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම, රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයාගේ කරුණු දැක්වීම සත්‍යයෙන් තොර බව අනාවරණය කළේ ය. මේ සියළු කරුණුවලින් පෙනී යන්නේ රක්ෂිත බන්ධනාගාරගතව සිටින චාමර සම්පත් ඔහුගේ ඥාතීන් හරහා විමර්ශනවලට බාධා කරමින් සිටින බව යැයි චෝදනා කරන අල්ලස් හෝ දූෂණ චෝදනා කොමිසම, චාමර සම්පත්ට ලබා දී තිබෙන ඇප අහෝසි කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියි.
Heading | Heading |
---|
Heading |
---|
2025-06-02 1:28 am
|
Heading |
---|
2025-06-01 10:07 am
|
Heading |
---|
2025-06-01 9:48 am
|
Heading |
---|
2025-05-31 7:43 am
|
දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.
Heading |
---|
Heading |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට
අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
|