Heading
දේශීය
2025-05-21 2:29 am • Views: 367

විපක්ෂය ඉවත් කළ ප්‍රභූ ආරක්ෂාව යළි ඉල්ලයි..?

විපක්ෂය ඉවත් කළ ප්‍රභූ ආරක්ෂාව යළි ඉල්ලයි..?

ඊයේ දිනයේ දී විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරු රැසක්, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන්, විපක්ෂ නායක කාර්යාලයේ දී රැස් වී තිබුණි. 

එහිදී, රට තුළ මෑතක සිට මතුව තිබෙන ආරක්ෂාව සම්බන්ධයෙන් වූ ගැටළුකාරී තත්ත්වය පිළිබදව සාකච්ඡා කළ බව විපක්ෂ නායක කාර්යාලය නිකුත් කර තිබෙන නිවේදනයක සදහන් ය.

විශේෂයෙන් ම රට තුළ පවතින මේ තත්ත්වය හේතුවෙන් විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට ඔවුන්ගේ මහජන සේවය නිදහසේ කරගෙන යා නොහැකි තත්ත්වයක් උදා වී ඇති බව ද එම නිවේදනයේ සදහන්ව තිබේ. 

මතුව තිබෙන මෙම තත්ත්වය පිළිබදව සාකච්ඡා කිරීම සදහා පොලිස්පති සහ ප්‍රභූ ආරක්ෂක අංශයේ අධ්‍යක්ෂකවරයා වහාම පාර්ලිමේන්තුවට කැදවන ලෙස කතානායකගෙන් ඉල්ලා සිටීමට ද ඊයේ රැස් වූ මන්ත්‍රී කණ්ඩායම තීරණය කළ බවද විපක්ෂ නායක කාර්යාලය නිකුත් කර තිබෙන නිවේදනයේ සදහන් ය. 

මේ අතර, ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ට කෙසේ වෙතත්, විපක්ෂයේ තමන්ට ආරක්ෂාව ලබා දෙන පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා ඊයේ පාර්ලිමේන්තුව හමුවේ ප්‍රසිද්ධියේ ඉල්ලා සිටියේ ය. 

 

 


Comments

Heading Heading
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න