Heading
දේශීය
2025-05-22 8:01 am • Views: 79

විගණකාධිපති ධූරය සදහා ජනපති යෝජනා කළ නම ව්‍යවස්ථාදායක සභාව ප්‍රතික්ෂේප කරයි..!

විගණකාධිපති ධූරය සදහා ජනපති යෝජනා කළ නම ව්‍යවස්ථාදායක සභාව ප්‍රතික්ෂේප කරයි..!

පුරප්පාඩු වී පවතින විගණකාධිපති ධූරය සදහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා යෝජනා කරන ලද නම ව්‍යවස්ථාදායක සභාව විසින් ප්‍රතික්ෂේප කර තිබෙන බව වාර්තා වේ. 

ව්‍යවස්ථාදායක සභාවේ සාමාජිකයන්ගෙන් තිදෙනෙකු- ජනාධිපතිවරයා විසින් යෝජනා කරන ලද නමට පක්ෂවත්, පස් දෙනෙකු- ඊට විරුද්ධවත් ඡන්දය ප්‍රකාශ කර තිබෙන බව පැවසේ. 

විපක්ෂව ඡන්දය දුන් පස් දෙනා අතර, විපක්ෂනායක සජිත් ප්‍රේමදාස, විපක්ෂ නායකය විසින් නම් කරන ලද සාමාජිකයා ලෙස පත්ව සිටින අජිත් පී පෙරේරා සහ සිවිල් සංවිධාන නියෝජනය කරමින් ව්‍යවස්ථාදායක සභාව නියෝජනය කරන එක් අයෙක-ු සිටින බව වාර්තා වේ. 

ජනාධිපතිවරයා විසින් විගණකාධිපති ධූරය සදහා යෝජනා කර තිබෙන නමට පක්ෂව, අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය, සභානායක බිමල් රත්නායක සහ ජාතික ජනබලවේග මන්ත්‍රී අබුබකර් ආදම්බාවා යන ඡන්දය භාවිතා කර තිබුණි. 


Comments

Heading Heading
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න