Heading
දේශීය
2025-05-25 8:25 am • Views: 1273

සතොස ලක්ෂ 390 ක් සාවද්‍ය පරිහරණය; මහින්දානන්දට සහ නලින් ප්‍රනාන්දුට අධිචෝදනා භාර දෙයි.

සතොස ලක්ෂ 390 ක් සාවද්‍ය පරිහරණය; මහින්දානන්දට සහ නලින් ප්‍රනාන්දුට අධිචෝදනා භාර දෙයි. 

සතොසට අයත් රුපියල් ලක්ෂ 390 ක මුදලක් සාවද්‍ය පරිහරණය සම්බන්ධයෙන් හිටපු අමාත්‍යවරුන් දෙදෙනෙකු වන නලීන් ප්‍රනාන්දු සහ මහින්දානන්ද අළුත් ගමගේ ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහිව, නීතිපතිවරයා විසින් අධිචෝදනා ගොනු කර තිබේ.

2015 ජනාධිපතිවරණය සමයේ, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මැතිවරණ ව්‍යාපාරය වෙනුවෙන් බෙදා හැරීම සදහා සතොස මුදල් රුපියල් ලක්ෂ 390 ක් අවභාවිතා කරමින් කැරම් සහ දාම් බෝර්ඩ් මිලදී ගැනීම ඔවුන්ට එරෙහිව එල්ල වී තිබෙන චෝදනාවයි. 

මහින්දානන්ද අලුත්ගමගේ සහ නලින් ප්‍රනාන්දු යන හිටපු අමාත්‍යවරු දෙදෙනාට අමතරව, එවකට ක්‍රීඩා අමාත්‍යංශයේ හිටපු ලේකම්, ව්‍රිශාමික මේජර් ජනරාල්, නන්ද මල්ලවාරච්චි යන අයද මෙම නඩුවේ විත්තිකරුවකු ලෙස නම් කර තිබේ. 

නලින් ප්‍රනාන්දු එවකට සතොස සභාපතිවරයා වූ අතර මහින්දානන්ද අලුත්ගමගේ ක්‍රීඩා අමාත්‍යවරයා ලෙස කටයුතු කළේ ය. 



Comments

Heading Heading
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න