නිශ්ශංක සේනාධිපති, දිල්රුක්ෂි ඩයස්ට ඇද්ද අංචියම අල්ලස් කොමිසමේ වත්මන් ප්‍රධානියාටත් අදින්න යයි. අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් ඇවන්ගාඩ් සමාගමේ හිමිකරු වන නිශ්ශංක සේනාධිපතිට එරෙහිව විමර්ශනයක් අරඹා ඇති බව වාර්තා වේ. එවැනි පසුබිමක, මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ප්‍රධානියෙකු, මෑතක දී, අල්ලස් කොමිසමේ ප්‍රධානියා හෝ ප්‍රධානියෙකු අමතා, නිශ්ශංක සේනාධිපතිට ඔහු හමුවීමට අවශ්‍යව ඇති බව දැනුම් දී ඇතැයි, තමන්ට වාර්තා වන බව මාධ්‍යවේදී සුනන්ද දේශප්‍රිය මහතා පවසයි. මෙම ප්‍රවෘත්තියේ සත්‍ය අසත්‍යතාවය තහවුරු කර ගැනීමකින් තොරව පවා අප මෙය වාර්තා කරන්නේ, සුනන්ද දේශප්‍රිය යනු දුස් තොරතුරු සමාජයට මුදා හැරීමේ අවශ්‍යතාවයක් නැති ප්‍රවීණ මාධ්‍ය වේදියෙකු වන බැවිනි. අදාල තොරතුරු සමාජගත කරන සුනන්ද දේශප්‍රිය මහතා, අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරිය ලෙස කටයුතු කළ දිල්රුක්ෂි ඩයස් මහත්මියට අත් වූ ඉරණම ද සිහිපත් කරයි. නිශ්ශංක සේනාධිපති, වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයෙන් දිල්රුක්ෂි ඩයස්ට ඇමතුමක් ගෙන එම ඇමතුම පටිගතකරගෙන තිබුණි. පසුව ඔවුන් දෙදෙනා අතර ඇති වූ සංවාදය සංස්කරණය කර සමාජ මාධ්‍යයට මුදා හැරීමට නිශ්ශංක සේනාධිපති කටයුතු කළේ ය. එම හඩපටය හේතුවෙන් දිල්රුක්ෂි ඩයස් මහත්මියට 2019 වසරේ දී සිය ධූරය අහිමි වූ අතර, පසුව අනාවරණය වූවේ, සමාජ මාධ්‍යයට මුදාහැර තිබුණු දිල්රුක්ෂි - නිශ්ශංක සංවාදය සංස්කරණය කරන ලද්දක් බවයි. ඒ අනුව ඇය සියළු චෝදනාවලින් නිදොස්කොට නිදහස් කර තිබුණි. නමුත් ඉන් වැඩක් වූවේ නැත. හේතුව 2019 වසරේ දී වැඩ තහනමට ලක් වූ ඇය නිදොස්කොට නිදහස් කරන ලද්දේ 2023 වසරේ දී වීම නිසාවෙනි. ඇවන්ගාර්ඩ් සමාගමේ හිමිකරු මෑතක දී මහජන ආරක්ෂක අමාත්‍යංශයේ කරක් ගසා ඇති බවට තහවුරු නොකළ ආරංචි පවතින බව මාධ්‍යවේදී සුනන්ද දේශප්‍රිය මහතා පවසයි. ඒ අනුව ඔහු පවසන්නේ නිශ්ශංක සේනාධිපති එදා දිල්රුක්ෂි ඩයස්ට කළ දේම අද අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ වත්මන් ප්‍රධානීන්ට එරෙහිව ද සිදු කිරීමට කුමන්ත්‍රණය කරමින් සිටින්නේ යැයි සැක කරන බවයි.
Heading | Heading |
---|
Heading |
---|
2025-06-02 1:28 am
|
Heading |
---|
2025-06-01 10:07 am
|
Heading |
---|
2025-06-01 9:48 am
|
Heading |
---|
2025-05-31 7:43 am
|
දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.
Heading |
---|
Heading |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට
අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
|