Heading
දේශීය
2025-05-27 4:49 am • Views: 1095

අල්ලස් කොමිසම මර්වින් සිල්වාට අධිචෝදනා භාර දෙයි.

අල්ලස් කොමිසම මර්වින් සිල්වාට අධිචෝදනා භාර දෙයි. 

හිටපු අමාත්‍ය මර්වින් සිල්වාට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව අධිචෝදනා පත්‍රයක් ගොනු කර තිබේ. 

උපයාගත් ආකාරය හෙළි කළ නොහැකි ආදායම් මාර්ග ඔස්සේ අති විශාල දේපළ ප්‍රමාණයක් අත්පත් කර ගැනීම ඔහුට එරෙහිව එල්ල වී තිබෙන ප්‍රධාන චෝදනාවයි. 

මේ දේපළ යටතට, කඩවතින් මිලදී ගන්නා ලද රුපියල් ලක්ෂ 139 ක වටිනාකමකින් යුතු ඉඩමක්, කොළඹ 7 න් මිලදී ගන්නා ලද රුපියල් ලක්ෂ 713 ක් වටිනා ඉඩමක්, මාලක වෙනුවෙන් මිලදී ගෙන තිබෙන රුපියල් ලක්ෂ 323 ක වටිනාකමකින් යුත-ු මර්සිඩීස් බෙන්ස් රථයක්, රුපියල් ලක්ෂ 55 ක් වටින තවත් මෝටර් රථයක් සහ රුපියල් ලක්ෂ අසූ අටක් වටිනාකමකින් යුත-ු ඩිෆෙන්ඩර් රථයක් ඇතුළත් ය. 

හිටපු අමාත්‍ය මර්වින් සිල්වා අදාල දේපළ මිලදී ගෙන ඇත්තේ 2010 මාර්තු 31 ත් 2012 මාර්තු 31 ත් අතර කාලයේ දී ය. 


Comments

Heading Heading
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න