Heading
දේශීය
2025-05-29 8:27 am • Views: 1049

පොලීසියේ පාතාල සම්බන්ධතා ගැන දේශබන්දු කට අරියි.

පොලීසියේ පාතාල සම්බන්ධතා ගැන දේශබන්දු කට අරියි. 

දේශබන්දු තෙන්නකෝන්ට එරෙහිව පවතින චෝදනා විමර්ශනය කිරීම සදහා පත්කර තිබෙන ත්‍රිපුද්ගල කමිටුව, ඊයේ දිනයේ දී, දෙවන වරටත් පාර්ලිමේන්තු සංකීර්ණයේදී හමු වී තිබුණි. 

කමිටුව හමුවේ පෙනී සිටි දේශබන්දු තෙන්නකෝන් එහිදී ආන්දෝලනාත්මක තොරතුරක් අනාවරණය කළේ ය. 

ඔහු පවසන ආකාරයට, මෙරට ඉහළ පොලිස් නිළධාරීන්ට පාතාලය සමග සමීප සබදතා තිබේ. 

මෙහිදී ඔහු විශේෂයෙන්ම අවධාරණය කර තිබෙන්නේ දකුණු පළාත නියෝජනය කරන ඉහළ පොලිස් නිළධාරීන් පිළිබදවයි. දකුණු පලාත නියෝජනය කරන ඉහළ පොලිස් නිළධාරීන් කිහිප දෙනෙකුම හරක් කටා සමග සමීප සබදතාව පවත්වන බව ඔහු අනාවරණය කරයි. 

මෙය ලාභ අපේක්ෂාවෙන් මෙන්ම බිය නිසා ද පවත්වාගෙන යන සම්බන්ධයක් බව එහිදී ඔහු වැඩිදුරටත් පවසයි. 

කෙසේ වෙතත්, මේ පිළිබදව වැඩි තොරතුරු මේ අවස්ථාවේ ප්‍රකාශ කිරීමට ඔහුට එම කමිටුවෙන් අවසර ලැබී නැත. 

ඊයේ රැස් වූ කමිටුව හමුවේ පෙනී සිටි දේශබන්දු තෙන්නකෝන්, ඩබ්. ෆිෆ්ටීන් හෝටලයට වෙඩි තැබීමේ සිදුවීම සම්බන්ධයෙන්ද අදහස් දක්වා තිබේ. 

ඩබ්.ෆිෆ්ටීන් හෝටලයට වෙඩි තැබීම දේශබන්දුගේ උපදෙස් මත කොළඹ අපරාධ කොට්ඨාශයේ තෝරා ගත් කණ්ඩායමක් විසින් කර තිබෙන්නක් වන බවට සමාජය තුළ පවතින අදහස මෙහිදි ඔහු ප්‍රතික්ෂේප කර තිබේ. 

ඩබ්.ෆිෆ්ටීන් හෝටලයට වෙඩි තැබීමේ සිදු වීම පිළිබදව තමාට වාර්තා වූවේ එම සිද්ධිය සිදු වූ 2023 වසරේ දෙසැම්බර් මාසයේ 31 වන දා යැයි ඔහු වැඩි දුරටත් පවසා තිබේ. 



Comments

Heading Heading
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න