Heading
දේශීය
2025-05-31 7:43 am • Views: 1176

“මහින්දානන්දට සහ නලීන් ප්‍රනාන්දුට ඇප ලබා ගැනීමට තිබෙන හැකියාව ඉතාම විරලයි..!” මහාචාර්ය ප්‍රතිභා මහානාම.

“මහින්දානන්දට සහ නලීන් ප්‍රනාන්දුට ඇප ලබා ගැනීමට තිබෙන හැකියාව ඉතාම විරලයි..!” මහාචාර්ය ප්‍රතිභා මහානාම.

බරපතල වැඩ ඇතිව ඉතා දීර්ඝ කාලීන සිරදඩුවමකට යටත්ව සිටින හිටපු අමාත්‍යවරුන් දෙදනෙකු වන මහින්දානන්ද අළුත්ගමගේ සහ නලීන් ප්‍රනාන්දු යන චූදිතයන් දෙදෙනාට ඇප ලබා ගැනීමට තිබෙන හැකියාව ඉතාම විරළ බව ජ්‍යේෂ්ඨ නීතීඥ මහාචාර්ය ප්‍රතිභා මහානාම පවසයි. 

ඉරිදා මවුබිම පුවත්පතට මේ සම්බන්ධයෙන් ඒ මහතා දක්වා තිබෙන අදහස අපි පහත උපුටා දක්වමු. 

“මෙම නඩු තීන්දුව ලබා දෙන්නේ කොළඹ ත්‍රීපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින්. ඒ නිසා මෙම නඩුව තීන්දුවට එරෙහිව අභියාචන ඉදිරිපත් කරන්න ඕනේ ශ්‍රේෂ්ඨාධිකරණයෙන්, දින දා හතරක් ඇතුළත. මෙකී අභියාචන ඉල්ලීමට යටත්ව ඇප අයදුම්පතක්ද ඉදිරිපත් කළ හැක්කේ ශ්‍රේෂ්ඨාධිකරණයටයි. 

මෙවැනි නඩු තීන්දුවකට අභියාචන පෙත්සමක් ඉදිරිපත් කරන්න පුලුවන් වෙන්නේ එක් වතාවක් පමණයි. මෙවැනි අභියාචන පෙත්සම් සම්බන්ධයෙන් සාමාන්‍යයෙන් නඩු අසන්නේ පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ. ඒ ත්‍රීපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මීට අදාල තීන්දුව ලබා දී තිබෙන නිසා. 

අතීතය සලකා බැලීමේ දී මෙවැනි ආකාර නඩුවලට අභියාචන පෙත්සම් ඉදිරිපත් කොට ඇප ලබා ගැනීම හරිම විරලයි. 

Comments

Heading Heading
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න