ඇලෝසියස් ලවා ගෙවල් කුළිය ගෙවා ගැනීම; රවීගේ අභියාචනය ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කරයි. හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක ගොනු කළ පෙත්සමක්, ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබෙන බව වාර්තා වේ. රවී කරුණානායක ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියාචනයක් ගොනු කර තිබෙන්නේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම මගින් ඔහුට එරෙහිව අධිචෝදනා භාර දී තිබෙන නඩුවක් සම්බන්ධයෙනි. එම නඩුවට පදනම් වන්නේ, මුදල් අමාත්‍යවරයාව සිටිය දී, රවී කරුණානායක ජීවත් වූ සුඛෝපභෝගී නිවසේ කුලිය ගෙවීම, පර්පචුවල් ටේරෂරීස් සමාගමේ ප්‍රධානියා වූ අර්ජුන් ඇලෝසියස්ට පැවරීමයි. අදාල සුඛෝපභෝගී නිවසේ මාසික කුලිය රුපියල් දා හතර ලක්ෂ පනස් දහසකි. රවී කරුණායක වෙනුවෙන් මාස අටක කාලයක් සදහා එම නිවසේ කුළිය ගෙවා ඇත්තේ අර්ජුන් ඇලෝසියස් විසිනි. මේ සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව කොළඹ මහාධිකරණය හමුවේ රවී කරුණානායකට එරෙහිව නඩු පවරා තිබේ. අල්ලස් පනත යටතේ අමාත්‍යවරයෙකුට එරෙහිව නඩු පැවරිය නොහැකි බවට වන තර්කයක් රවී කරුණායකගේ නීතීඥයන් විසින් මතුකර තිබෙන අතර, මහාධිකරණය එම තර්කය පිළි ගැනීම ප්‍රතික්ෂේප කර තිබේ. මහාධිකරණයේ එම නියෝගයට එරෙහිව, අභියාචනයක් ගොනු කිරීමට රවී කරුණානායක දැරූ උත්සාහය ශ්‍රේෂ්ඨාධිකරණය මෙසේ ප්‍රතික්ෂේප කර තිබේ. ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියාචනයක් ගොනු කළ හැක්කේ, මහාධිකරණයෙන් ඔහු වරදකරු කළහොත් පමණක් බව , රවී කරුණානායකගේ පෙත්සම ප්‍රතික්ෂේප කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දී තිබේ.
Heading | Heading |
---|
Heading |
---|
2025-06-01 10:07 am
|
Heading |
---|
2025-06-01 9:48 am
|
දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.
Heading |
---|
Heading |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට
අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
|