“ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමෙන් පසු රනිල් ලබා දුන් බාර් ලයිසන් පිළිබඳ තොරතුරු අධිකරණයට ලබා දෙන්න..!” ශ්‍රේෂ්ඨාධිකරණයෙන් සුරාබදු කොමසාරිස්ට නියෝගයක්. ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කළ 2024 ජූලි 26 වැනි දා සිට ජනාධිපතිවරණය පැවැත් වූ 2024 සැප්තැම්බර් 24 වන දා දක්වා වූ කාලය තුළ, මුදල් අමාත්‍යවරයා ලෙස, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් නිකුත් කර තිබෙන මත්පැන් බලපත්‍රවලට අදාල තොරතුරු අධිකරණයට ලබා දෙන ලෙස, ශ්‍රේෂ්ඨාධිකරණය විසින් සුරාබදු කොමසාරිස්වරයාට නියෝග කර තිබේ. ජනාධිපතිවරණයක් ප්‍රකාශයට පත් කර තිබිය දී මත්පැන් බලපත්‍ර නිකුත් කිරීම මගින් ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වී ඇති බව පවසමින්, මාතලේ ප්‍රදේශයේ පදිංචිකරුවකු වන තංගවේලු ධනේන්දරාජා නමැති අය විසින් ගොනු කර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සමකට අදාලවයි ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝගය ලබා දී ඇත්තේ.
Heading | Heading |
---|
Heading |
---|
2025-06-02 1:28 am
|
Heading |
---|
2025-06-01 10:07 am
|
දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.
Heading |
---|
Heading |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට
අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
|