“මේ යන තත්ත්වය අනුව, වාහන ආනයනයෙන් රුපියල් බිලියන 450 ක බදු ආදායමක් ඉපැයීමට පුලුවන්.” නියෝජ්‍ය භාණ්ඩාගාර ලේකම් 2025 වසරේ ජනවාරි සිට අප්‍රේල් දක්වා වූ කාලය තුළ, වාහන ආනයනයෙන් රජය රුපියල් බිලියන 136 ක ආදායමක් උපයා තිබේ. මේ වසර සදහා වාහන ආනයනයෙන් රජය රුපියල් බිලියන 450ක ආදායමක් අපේක්ෂා කරන අතර, එම ඉලක්කය සපුරා ගැනීමට රජයට හැකි වනු ඇතැයි අපේක්ෂා කරයි. වාහන ආනයන සදහා මේ දක්වා ණයවර ලිපි 596 ක් විවෘත කර තිබෙන අතර, ඩොලර් මිලියන 273 ක වටිනාකමකින් යුතු වාහන රේගුවෙන් නිශ්කාශනය කර ඇති බවත් වාර්තා වේ. වාහන ආනයනය සදහා වැය කරන සෑම ඩොලරයකින්ම මේ දක්වා ඩොලර් 1.7 ක ආදායමක් රජය උපයා තිබෙන අතර රජයේ අපේක්ෂාව වී තිබුණේ ඩොලරයකින් ඩොලර් 1.5 ක ආදායමක් ඉපැයීමක්. වාහන ආනයනයෙන් රජය රුපියල් බිලියන තුන්සියය ඉක්ම වූ බදු ආදායම් ඉපැයීමට අපේක්ෂා කරන බවත්, එය සපුරාගත හැකි ඉලක්කයක් නොවන බවත් ආචාර්ය හර්ෂද සිල්වා ප්‍රකාශ කර තිබුණි .මාධ්‍යවේදී බෲනෝ දිවාකර සමග පැවති සාකච්ඡාවක දී ඔහු මේ බව අවධාරණය කළේ ය.
Heading | Heading |
---|
Heading |
---|
2025-06-06 11:06 am
|
දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.
Heading |
---|
Heading |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට
අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
|