Heading
දේශීය
2025-06-06 8:41 am • Views: 1341

ලක්ෂ 276 ක් වියදම් කළ විවෘත කිරීමේ උත්සවය; "ඇයි රාජ්‍ය නිළධාරිනිය විතරක්..? ගෝඨාත් භාතිය සන්තූෂ් යන දෙදෙනාත් සැකකරුවන් කරන්න...!" විත්තියේ නීතීඥවරයා අධිකරණයෙන් ඉල්ලයි.

ලක්ෂ 276 ක් වියදම් කළ විවෘත කිරීමේ උත්සවය;  "ඇයි රාජ්‍ය නිළධාරිනිය විතරක්..? ගෝඨාත් භාතිය සන්තූෂ් යන දෙදෙනාත් සැකකරුවන් කරන්න...!" විත්තියේ නීතීඥවරයා අධිකරණයෙන් ඉල්ලයි. 

බෙල්ලන්විල ඇවිදින මංතීරුව ද ඇතුළත් වූ වේරැස් ගඟ ව්‍යාපෘතියේ පළමු අදියර විවෘත කිරීම වෙනුවෙන් පැවැත් වූ අති දැවැන්ත විවෘත කිරීමේ උත්සවය වෙනුවෙන් නිසි ක්‍රමසම්පාදන ක්‍රියාවලියක් අනුගමනය නොකර රජයේ මුදල් රුපියල් ලක්ෂ 276 ක මුදලක් ඒ වෙනුවෙන් වැය කිරීම සම්බන්ධයෙන්, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් ඉඩම් ගොඩකිරීමේ සංවර්ධනය කිරීමේ සංස්ථාවේ හිටපු සාමාන්‍යාධිකාරීවරිය අත්අඩංගුවට ගෙන තිබුණි.

පසුව අල්ලස් කොමිසම සැකකාරිය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළේ ය. 

එහිදී සැකකාරිය වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා, සිය සේවාදායිකාවට එරෙහිව ගොනුකර තිබෙන නඩුවේ සැකකරුවන් ලෙස, ගෝඨාභය රාජපක්ෂ සහ භාතිය සහ සන්තූෂ් යන අයද නම් කළ යුතු යැයි පවසා සිටියේ ය. 

ගෝඨාභය එවකට ආරක්ෂක ලේකම්වරයා ලෙස කටයුතු කළ අතර, නාගරික සංවර්ධන අධිකාරිය පැවතියේ ඔහු යටතේ ය. 

ඉඩම් ගොඩ කිරීමේ සහ සංවර්ධනය කිරීමේ සංස්ථාවේ සාමාන්‍යාධිකාරී ධූරයට සිය සේවා දායිකාව පත් වීමට පෙර, එම තනතුරේ සිටි නිළධාරීන් දෙදෙනෙකු, ඉහළින් එන බලපෑම් නිසා රාජකාරිය නිසි ලෙස කළ නොහැකි බව පවසා ඉල්ලා අස්වී ඇති බවද නීතීඥවරයා අධිකරණයට පැවසීය. 

එමෙන්ම, මෙකී විවෘත කිරීමේ උත්සවයේ සියලු කටයුතු සිදුකර තිබෙන්නේ භාතිය ජයකොඩි නමට ලියාපදිංචි කර තිබෙන ආයතනයක් මගින් බැවින්, ඔහුවද මෙම නඩුවේ සැකකරුවෙකු ලෙස නම් කළ යුතුයැයි විත්තියේ නීතීඥයා යෝජනා කර තිබේ. 

මේ සියලු කරුණු සැලකිල්ලට ගෙන තිබෙන අධිකරණය, සැකකාරිය ඇප මත මුදා හැරීමට නියෝග කර තිබේ. 

Comments

Heading Heading
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න