Heading
දේශීය
2024-08-06 3:46 pm

ජනාධිපතිවරණ සටනට නොඑන බව ධම්මික පෙරේරා නිල වශයෙන්ම දැනුම් දෙයි.

ජනාධිපතිවරණ සටනට නොඑන බව ධම්මික පෙරේරා නිල වශයෙන්ම දැනුම් දෙයි.


පෞද්ගලික හේතූන් මත, තමන් ඉදිරිජනාධිපතිවරණයට ඉදිරිපත් නොවන බව, ධම්මික පෙරේරා මහතා පොහොට්ටු පක්ෂයේ මහලේකම් වරයාට  ලිඛිතව ම  දැනුම් දී ඇති බව වාර්තා වේ. 

ජනාධිපතිවරණ සටනට තමන් සූදානම් බවත්, තමන්ගේ සූදානම ප්‍රකාශ කිරීමට ඇති එකම ප්‍රමාදය, පොහොට්ටු පක්ෂය ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයක් නොගෙන තිබීම බව අවස්ථා කිහිපය ක දී ම ධම්මික පෙරේරා මහතා විසින් පවසා තිබුණි. 

කෙසේ වෙතත්, පොහොට්ටු පක්ෂයෙන් වෙනම අපේක්ෂකයෙකු ඉදිරිපත් කරන බව නිවේදනය කිරීමත් සමග, පක්ෂයේ සැලකිය යුතු බහුතරයක්, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දැක්වීම සදහා පොහොට්ටු පක්ෂය හැර ගියේ ය. 

ඒත් සමඟම, ධම්මික පෙරේරා මහතාද තමන් ජනාධිපතිවරණ සටනට නොබසින බව දැනුම් දී තිබේ. 

ධම්මික පෙරේරා මහතා ජනාධිපතිවරණ සටන මඟ හරින්නේ නම්, නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා නිසැක වශයෙන්ම පොහොට්ටු පක්ෂයේ ජනාධිපති ධූර අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වනු ඇතැයි, උදයංග වීරතුංග මහතාද පවසා තිබුණි. 


Heading
sample image
30K Followers
sample image
40K Followers
sample image
4K Followers
sample image
325K Followers
sample image
747 Followers

Comments

Heading Heading
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න