Heading
දේශීය
2025-06-08 2:41 am • Views: 330

"ආනයනය කරන බහාලුම්වලින් 60% ක් ම පරීක්ෂා නොකරයි. බහාලුම් 323 තිබුනෙ මොනවද කියලා සී.අයි.ඩීයට වාර්තා කළා. මෙම බහාලුම් ආනයන කරුවන් 180 දෙනෙකුට අයත් ඒවා.ඒවා නිදහස් කිරීම ඇමති බිමල් සම්බන්ධ නෑ. " රේගුව නිවේදනය කරයි.

"ආනයනය කරන බහාලුම්වලින් 60% ක් ම පරීක්ෂා නොකරයි. බහාලුම් 323 තිබුනෙ මොනවද කියලා සී.අයි.ඩීයට වාර්තා කළා. මෙම බහාලුම් ආනයන කරුවන් 180 දෙනෙකුට අයත් ඒවා.ඒවා නිදහස් කිරීම ඇමති බිමල් සම්බන්ධ නෑ. " රේගුව නිවේදනය කරයි. 

රේගුව  නිසි පරීක්ෂාවකට ලක් නොකර බහාලුම් 323 ක් මුදාහැර ඇති බවට පාර්ශ්වය කිහිපයකින් ආණ්ඩුවට චෝදනා එල්ල වී තිබේ. 

එල්ල වී තිබෙන මෙම චෝදනා සම්බන්ධයෙන්, අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ මහතා විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් අද පිළිතුරු ලබා දුන්නේ ය. 

ඔහු පවසන ආකාරයට මෙරටට ආනයනය කරනු ලබන බහාලුම්වලින් 60% ක් ම මුදාහරිනු ලබන්නේ පරීක්ෂාවකට ලක්ක කිරීමෙන් තොරවයි. නමුත් එසේ මුදාහරින බහාලුම් පිළිබදව තීරණය කරනු ලබ්නේ රේගුව අභ්‍යන්තරයේ තිබෙන විශේෂ කමිටුවක් මගිනි. 

ඒ සදහා කිසිදු දේශපාලනඥයෙකුට හෝ වෙනත් පාර්ශ්වයකට මැදිහත් වීමට අවස්ථාවක් නැත. අදාල කමිටුව, සියලු ලියවිලි පරීක්ෂා කිරීමෙන් පසුව ඇතැම් බහාලුම් පරීක්ෂාවකින් තොරව මුදා හැරීමට නිර්දේශ කරයි. 

නමුත් හොර බඩු හෝ වෙනත් නීති විරෝධී භාණ්ඩ ඇතැයි ඔත්තු ලැබෙන හෝ සැකකරන කිසිදු බහාලුමක් එසේ පරීක්ෂාවකින් තොරව මුදා නොහරියි. 

ඒ අනුව, පරීක්ෂාවකින් තොරව මුදාහැර තිබෙන බහාලුම් 323 ත-ුළ ආයුධ, රත්රතන්, මත්ද්‍රව්‍ය කිසිවක් තිබිය නොහැකි බව අතිරේග රේගු අධ්‍යක්ෂ ජනරාල් අවධාරණය කරයි. 

කෙසේ වෙතත්, චෝදනා එල්ල වී තිබෙන මෙම සියළු බහාලුම් සම්බන්ධයෙන් පශ්චාත් නිශ්කාශන විගණනයක් සිද්ධ වන බවද ඔහු පවසයි. 

දැනටමත් අදාල බහාලුම් වල තිබුණු දෑ පිළිබදව සියළු තොරතුරු අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට සහ මුදල් අමාත්‍යංශය මෙම ආන්දෝලනාත්මක බහාලුම් පිළිබදව සොයා බැලීමට පත් කර තිබෙන කමිටුවට භාර දී ඇති බවද ඔහු පවසයි.

එමෙන්ම මෙම බහාලුම් සම්බන්ධයෙන් අර්චුන් මන්ත්‍රීවරයා කළ ප්‍රකාශය සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන බව ද ඔහු මෙම මාධ්‍යහමුවේ දී පවසා සිටියේ ය. 


Comments

Heading Heading
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න