Heading
දේශීය
2024-08-07 1:08 am

“පාසල් දැරිය අපයෝජනය කළ පිල්ලෙයාන්ගේ ගෝලයා තාමත් එළියේ..!" රාසා හෙළි කරයි.

“පාසල් දැරිය අපයෝජනය කළ පිල්ලෙයාන්ගේ ගෝලයා තාමත් එළියේ..!"  රාසා හෙළි කරයි. 


මඩකලපුව ප්‍රදේශයේ ප්‍රධාන බාලිකා පාසලක ගුරුවරයෙක්, එම පාසලේ ඉගෙනුම ලබන දැරියක අපයෝජනය කර තිබෙන බවත්, පොලිසිය මෙතෙක් ඔහු අත්අඩංගුවට ගෙන නැති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ශානක්‍යයන් රාසපුත්‍රන් මහතා පවසයි. 


මෙම ගුරුවරයා පිල්ලෙයාන්ගේ පක්ෂයේ සංවිධායකු බවත්, ඔහුට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොවන්නේ ඒ හේතුව නිසා බවත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් චෝදනා කරයි. 


අපයෝජනයට ලක් වූ දැරිය, තමන්ට යුක්තිය ඉල්ලා ජනාධිපති ලේකම්ට ලිපියක් යොමු කර තිබෙන අතර, ඊට පිළිතුරු ලෙස, වහාම අදාල සැකකරු අත්අඩංගුවට ගන්නා ලෙස, ජනාධිපති ලේකම් කාර්යාලය පොලිසියට නියෝග කර තිබේ. 


කෙසේ වෙතත්, ජනාධිපති ලේකම් විසින් නිකුත් කර තිබෙන එම නියෝගයට පොලිසිය අනුකූල වන බවක් පෙන්වා නැත. 


මේ ගැටළුව අධ්‍යාපන අමාත්‍යංශය මැදිහත් වී විසදන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතා පැවසී ය. 

ප්‍රදේශය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාට මේ සම්බන්ධයෙන් පැමිණිලි කරන බවද අමාත්‍යවරයා පැවසී ය. 

Heading
sample image
30K Followers
sample image
40K Followers
sample image
4K Followers
sample image
325K Followers
sample image
747 Followers

Comments

Heading Heading
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න