කෙහෙළියගේ වැඩ..! ඉමියුනිග්ලෝබියුලීන් වල විෂ සහිත බැක්ටීරියාත් රිටොක්සි මැප් වල ලුණු වතුරත් පමණක් අඩංගු බව ජර්මනියේ රසායනාගාරයක් හෙළිකරයි. ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ව්‍යාජ ලේඛන සකස්කොට රජයේ රෝහල්වලට බෙදා හැරීම සදහා ලබා දුන් ඉමියුනිග්ලෝබියුලීන් සහ රිටොක්සි මැප් යන ඖෂධවල කිසිදු ඖෂධීය ගුණයක් අඩංගු නොවන බව එම ඖෂධ පරීක්ෂාවට ලක් කළ ජර්මානු රසායනාගාරයක් තහවුරු කර තිබේ. අදාල ජර්මානු රසායනාගාරය හෙළිකර තිබෙන ආකාරයට, ඉමියුනිග්ලෝබියුලීන් යන නමින් ලබා දී තිබෙන ඖෂධයේ විෂ සහිත බැක්ටීරියාත්, රිටොක්සි මැප් යන නමින් ලබා දී තිබෙන ඖෂධයේ ලුණු පමණකුත් අඩංගු වී තිබේ. හිටපු සෞඛ්‍ය අමාත්‍ය වරයා වන කෙහෙළිය රඹුක්වැල්ල මෙම වංචාවට සෘජුවම සම්බන්ධ බව, ඒ පිළිබදව වසරකුත් මාස අටක් තිස්සේ සිදු කරන ලද විමර්ශනවලින් තහවුරු වී ඇති බව, නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටින නියෝජ්‍ය සොලිසිටර් ජනරල් ලක්මිණි ගිරිහාගම මහත්මිය අධිකරණයට දැනුම් දී තිබේ. එමෙන්ම මෙම වංචාවට අදාලව, කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු සැකකරුවන්ට එරෙහිව කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කරන බවද ඇය වැඩිදුරටත් අධිකරණය හමුවේ පවසා තිබේ.
Heading | Heading |
---|
Heading |
---|
2025-07-06 7:59 am
|
Heading |
---|
2025-07-05 3:24 am
|
Heading |
---|
2025-07-04 9:00 am
|
දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.
Heading |
---|
Heading |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට
අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
|