Heading
දේශීය
2025-06-22 7:22 am • Views: 550

"පිල්ලෙයාන්ට ඇපදීමක් ගැන හිතලාවත් නෑ." චෝදනාවන්ට උත්තර දෙමින් නීතිපති දෙපාර්තමේන්තුව කියයි.

"පිල්ලෙයාන්ට ඇපදීමක් ගැන හිතලාවත් නෑ." චෝදනාවන්ට උත්තර දෙමින් නීතිපති දෙපාර්තමේන්තුව කියයි. 

නීතිපති දෙපාර්තමේන්තුවේ ඇතැම් නිළධාරීන් ඉලක්ක කරගනිමින් සමාජ මාධ්‍යයේ එල්ල කර තිබෙන අභූත චෝදනා පිළිබදව විමර්ශනයක් අවශ්‍ය බව, නීතිපති පාරින්ද රණසිංහ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දී ඇති බව සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කරයි. 

රැදවුම් භාරයේ පසුවන සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන්ට ඇප ලබා දීමට නීතිපතිවරයා කටයුතු කරමින් සිටින බවට වන චෝදනාව, සමාජ මාධ්‍යයේ ප්‍රචාරය වූ එවැනි එක් අභූත චෝදනාවක් බව නීතිපති දෙපාර්තමේන්තුව පවසා ඇති අතර, පිල්ලෙයාන්ගේ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගත් අවස්ථාවේ දී ඔහුට ඇප ලබා දීම පිළිබදව කාරණය සැලකිල්ලකටවත් නොගත් බව එම දෙපාර්තමේන්තුව පවසයි. 

එමෙන්ම, දේශබන්දු තෙන්නකෝන්ට එරෙහිව පවතින නඩුවකදී, නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් ජ්‍යේෂ්ඨ නීතීඥයෙකු යොමු නොකොට, කණිෂ්ඨ නීතීඥයෙකු යොමු කර තිබෙන බවට වන චෝදනාව ද නීතිපති දෙපාර්තමේන්තුව ප්‍රතික්ෂේප කරයි. සැබැවින්ම සිදුව ඇත්තේ, අදාල ජ්‍යේෂ්ඨ නීතීඥයා අසනීපයෙන් පසු වූ බැවින් වෙනත් නීතීඥයෙකු යොමු කිරීම පමණි. 

මෙවැනි අභූත චෝදනා නීතිපති දෙපාර්තමේන්තුවට යොමු වන්නේ, මේ වසරේ මේ දක්වා ගෙවුණු කාලය තුළ විවිධ දූෂණ අක්‍රමිකතා සදහා සම්බන්ධ චූදිතයන්ට එරෙහිව විවිධ මහාධිකරණවල අධිචෝදනා හයසියයකට වඩා වැඩි ප්‍රමාණයක් ගොනු කර තිබිය දී බව නීතිපති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. 

එමෙන්ම, මේ වන විට, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවද, තවත් අල්ලස් නඩු කිහිපයක් පැවරීම සදහා නීතිපති දෙපාර්තමේන්තුවට යොමු කර තිබෙන බව ද වාර්තා වේ. 

Comments

Heading Heading
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න