Heading
දේශීය
2025-06-23 8:37 am • Views: 95

මැදපෙරදිග අර්බුද උග්‍ර වුවහොත් නයිජීරියාවෙන් ඉන්ධන ගෙන්වීමට රජය සූදානම්..!

මැදපෙරදිග අර්බුද උග්‍ර වුවහොත් නයිජීරියාවෙන් ඉන්ධන ගෙන්වීමට රජය සූදානම්..!  

මේ වනවිට මැදපෙරදිග කලාපයේ මතු වී තිබෙන යුද වාතාවරණය උග්‍ර වී, සැපයුම් මාර්ග අවහිර වී, ඉන්ධන සැපයුම අඩාල වීමේ අවදානමක් මතු වුවහොත් නයිජීරියෙන් ඉන්ධන ආනයනය කිරීම සම්බන්ධයෙන් රජය අවධානය යොමු කර තිබෙන බව වාර්තා වේ. 

ඒ අනුව, නයිජීරියාවෙන් ඉන්ධන සාම්පල ගෙන්වා ගැනීමටත් ඒවා මෙරට පර්යේෂණාගාර ඔස්සේ පර්යේෂණයට ලක් කිරීමටත් අවශ්‍ය කටයුතු සම්පාදනය කරන ලෙස ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ඒ. රාජකරුණා සිය නිළධාරීන්ට උපදෙස් දී තිබේ.

මීට පෙර රුසියාවෙන් ඉන්ධන ගෙන්වීම සම්බන්ධයෙන් අවධානය යොමුව තිබුනද, රුසියාවට එරෙහිව පවතින ජාත්‍යන්තර සම්බාධක හා වෙනත් කාරණා හේතුවෙන් මේ මොහොතේ ඒ පිළිබදව අවධානය යොමු නොකිරීමට රජය තීරණය කර තිබෙන බව ද පැවසේ. 

ඩේලි මිරර් ඇසුරෙනි.  

Comments

Heading Heading
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න