කොතලාවල වෛද්‍ය පීඨයට දේශීය සිසුන් බදවා ගැනීමේ කොන්දේසි; කේ.ඩී.යූ ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨය සදහා සිසුන් ඇතුළත් කර ගැනීමට අදාල නිර්දේශ මේ වන විට ඉදිරිපත් කර තිබේ. ඒ අනුව, එක් වෛද්‍ය ශිෂ්‍ය කණ්ඩායමකට බදවාගත හැකි උපරිම ශිෂ්‍ය සංඛ්‍යාව 150 කි. එකසිය පනස් දෙනෙකුගෙන් යුතු එම ශිෂ්‍ය කණ්ඩායම තුළ සිටිය හැකි උපරිම “සිවිල්” ශිෂ්‍ය සංඛ්‍යාව 100 කි. මෙම සිවිල් ශිෂ්‍ය සංඛ්‍යාවෙන් 10% ක ප්‍රමාණයකට පූර්ණ ශිෂ්‍යත්ව ප්‍රදානය කළ යුතු අතර, එසේ පූර්ණ ශිෂ්‍යත්ව ප්‍රදානය කරනු ලබන සිසුන් තෝරා ගත යුත්තේ උසස් අධ්‍යාපන අමාත්‍යංශය හරහා ය. වෛද්‍ය පීඨයට ඇතුළත් කර ගන්නා සිසුන්ගේ අවම ඉසෙඩ් ස්කෝර් අගය 1.4000 ක් විය යුතුය. කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයට ඇතුළත් කර ගන්නා සිසුන්ට විවෘත විශ්ව විද්‍යාලය හැර වෙනත් කිසිදු රාජ්‍ය විශ්ව විද්‍යාලයක පූර්ණ කාලීන ශිෂ්‍යයන් ලෙස ලියාපදිංචි විය නොහැක. එමෙන්ම, මෙම වෛද්‍ය පීඨයේ ශිෂ්‍යයන් සදහා වෙනම නිල ඇදුමක් නිර්දේශ කළ නොහැක. මෙම වෛද්‍ය පීඨයේ සිසුන්ට පුහුණුව සදහා සුදුසු රෝහල් ලබා දීම සෞඛ්‍ය අමාත්‍යංශය මගින් සිදු කරනු ඇත. මෙම සිසුන් අනිවාර්යයෙන්ම රජයේ රෝහල්වලට බදවා ගන්නා බවට වන වගකීම කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය විසින් භාර නොගත යුතුය. පවතින පුරප්පාඩු අනුව එය සිදු විය හැකි බවට වන එකගතාවය මත පමණක් සිසුන් ලියාපදිංචි කළ යුතුය. එමෙන්ම මෙම වෛද්‍ය පීඨය සදහා සිසුන් බදවා ගැනීමේ දී, ත්‍රිවිධ හමුදා සිසුන්, විදේශීය සිසුන් සහ දේශීය සිසුන් යන අනුපිළිවෙලට ප්‍රමුඛතාවය ලබා දිය යුතුය.
Heading | Heading |
---|
Heading |
---|
2025-07-06 4:13 am
|
Heading |
---|
2025-07-05 3:24 am
|
Heading |
---|
2025-07-04 9:00 am
|
දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.
Heading |
---|
Heading |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට
අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
|