"වාහන ආනයනය සදහා වසරටම වෙන් කළ මුදල ඩොලර් බිලියනයක්. දැනටම ඩොලර් මිලියන 742 ක් වියදම්. ඩොලර් සංචිත ගැන අවදානයෙන් ඉන්න..!" භාණ්ඩාගාරයෙන් මහබැංකුවට උපදෙස්. 2025 වසර සදහා වාහන ආනයනය වෙනුවෙන් ඇමරිකානු ඩොලර් බිලියනයක මුදලක් වෙන් කළ අතර, මේ දක්වා, මාස පහක් ත-ුළ පමණක්, වාහන ආනයනය වෙනුවෙන් ඩොලර් මිලියන 742 ක ණයවර ලිපි විවෘත කර ඇති බවත්, වාහන ආනයනය සදහා ඇති මේ උනන්දුව ඩොලර් සංචිත කෙරෙහි අහිතකර ලෙස බලපෑ හැකි බව භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව මහබැංකුව වෙත අනතුරු හගවා තිබේ. ඒ අනුව, වහා ඊට අදාල පූර්ව ආරක්ෂණ ක්‍රමවේද අනුගමනය කරන ලෙස භාණ්ඩාරගය මගින් මහබැංකුවට උපදෙස් ලබා ඇති බව වාර්තා වේ. වාහන ආනයන මත පනවා තිබුණු තහනම, පසුගිය පෙබරවාරියේ දී ඉවත් කරන ලදී. එතැන් සිට මේ දක්වා වාහන දහ අට දහසක් රටට ගෙන්වා තිබේ. වාහන ආනයනයෙන් රුපියල් ට්‍රිලියනක රේගු බදු ආදායමක් මේ දක්වා උපයා ඇති බව රේගුව පවසයි.
Heading | Heading |
---|
Heading |
---|
2025-07-06 4:13 am
|
Heading |
---|
2025-07-06 7:59 am
|
Heading |
---|
2025-07-05 3:24 am
|
Heading |
---|
2025-07-04 9:00 am
|
දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.
Heading |
---|
Heading |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට
අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
|