Heading
දේශීය
2025-07-09 8:13 am • Views: 635

එළැඹෙන ගිම්හාන සෘතුව සදහා ගමනාන්ත වෙන් කර ගැනීම; "ලංකාව හොඳම රටවල් තුන අතර..!" එමිරේට්ස් කියයි.

එළැඹෙන ගිම්හාන සෘතුව සදහා ගමනාන්ත වෙන් කර ගැනීම;  "ලංකාව හොඳම රටවල් තුන අතර..!" එමිරේට්ස් කියයි. 

ලොව ප්‍රධානතම ජාත්‍යන්තර ගුවන් සේවය වන එමිරේට්ස් ගුවන් සේවයේ නවතම වෙන් කිරීමේ (බුකින්) දත්ත අනුව, ලංකාව වැඩිම පිරිසකගේ ආකර්ශනය දිනා ඇති රටවල් තුන අතර සිටින බව වාර්තා වේ. 

ලංකාව; එහි පොහොසත් සංස්කෘතික උරුමයත්, පිරිසිදු වෙරළ තීර - තේ වතු සහ දැරිය හැකි මිලකට ලබාගත හැකි සුඛෝපභෝගී අත්දැකීම් හේතුවෙන්, සෙවුම් පරිශීලකයන්ගේ 32% ක වර්ධනයක් පෙන්නුම් කරන බව එමිරේට්ස් ගුවන් සේවය පවසයි. 

ජූලි සහ අගෝස්තු අතර කාලයේ දී  ගිම්හාන සෘතුව උදාවන අතර, එම කාලය තුළ ගුවන් ගමන් සෙවීම්, පසුගිය වසරට සාපේක්ෂකව 7% ක වර්ධනයක් පෙන්නුම් කරන බව වාර්තා වේ. 


Comments

Heading Heading
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න